Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Blog archives ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

editorial - 2020 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

10:59 PM

අද තරගයේදී කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් කොළඹ කිංග්ස් පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් වැළකී සිටි අතර පන්දු 6 කදී ඔහු ලබාගත්තේ ලකුණු 11 ක් පමණි.

 

10:57 PM

(ඕවර 19.5 - 151/8)
පන්දුවක් ඉතිරිව තිබියදී ඉසුරු උදානගේ පන්දුවක් හතරේ සීමාවට යැවූ ලක්ෂාන් සඳකැන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගියේය.
ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 15 ක් අවශ්‍ය වූ අතර පළමු පන්දුවේදීම ධනංජය ලක්ෂන්ගේ පහසු උඩපන්දුවක් ගිළිහී ගියේය. එයින් ලකුණු 2 ක් ලබාගත් ධනංජය ලක්ෂාන් ඉතිරි පන්දු දෙකින් තවත් ලකුණු 8 ක් එකතු කරමින් ඉලක්කය පන්දු 3 කද

 

10:45 PM

අවසන් ඕවරයේදී ලකුණු 15 ක් අවශ්‍ය වී තිබේ. ජයග්‍රහණය සඳහා පන්දු 6 කදී ලකුණු 15 ක්

 

10:45 PM

(​ඕවර 19 - 136/8)

තරුණ ක්‍රීඩකයකු වන තික්ෂිල ද සිල්වා කෙරේ කොළඹ නායකයාගේ විශ්වාසය රැඳී තිබේ. තමන් කෙරේ රැඳවූ විශ්වාසය අකුරටම ක්‍රියාත්මක කළ තික්ෂිල... ඕවරය ලකුණු 2 කට සීමා කරමින් තර්ජනාත්ම පිතිකරුවා වූ මොහොමඩ් අමීර්ගේ කඩුල්ල දවාගනී

 

10:40 PM

(ඕවර 18 - 134/7)
ලකුණු 6 ක ඕවරයක්... පීඩනය නැවත වරක් ගාල්ල පිල වෙතට.. පන්දු 12 කින් ලකුණු 17 ක්

 

10:38 PM

(ඕවර 17 - 128/7)
මොහොමඩ් අමීර්ගේ දැවැන්ත පහර දෙකක් නිසා ගාල්ල පිල නැවතත් තරගයට අවතීර්ණ වෙයි. මේ දක්වා හොඳ පන්දු යැවීමක යෙදුණු ක්වයිස් අහමඩ්ගේ ඕවරයකින් ලකුනු 12 ක් උදුරා ගන්නා අමීර් තරගයේ වාසිය ගාල්ල පිලට දෙසට ඇදගනී. මෙතැන් සිට අවශ්‍ය වන්නේ පන්දු 18 කින් ලකුණු 23 කි

 

10:27 PM

(ඕවර 16 - 116/7)
ෂෙහාන් ජයසූරියත් දුවද්දී දැවී යයි. එහෙත් එය තනිකරම වාගේ බැක්වර්ඩ් පොයින්ට් හි සිටිමින් පන්දු රැකි තරිඳු කෞෂාල්ගේ බුද්ධිමත් පන්දු යොමු කිරීමක දැවී යාමකි. ජයසූරියගේ පිත්තෙන් පැමිණි පන්දුව කෞෂාල්ට එක එල්ලේම රැකගත නොහැකි වූ බැවින් ජයසූරිය ලකුණක් කරා ගියේය. එහෙත් පන්දුව අහුලාගත් කෞෂාල් එය පන්දු යවන්නා වෙත

 

10:20 PM

(ඕවර 15 - 111/6)
තවත් පන්දු 30 යි තියෙන්නේ... ලකුණු 40 ක් ඕනා.. කඩුලු වීසි කරලත් බෑ... රැකගෙනත් බෑ... ක්වයිස් අහමඩ් විශිෂ්ට පන්දු යැවීමක.... 3-0-15-1

 

10:19 PM

(ඕවර 14 - 104/6)
පන්දු 6 ට ලකුණු 6 යි. ෂෙහාන් ජයසූරිය කඩුල්ලේ ඉන්න නිසා ගාල්ලට තවමත් බලාපොරොත්තුවක් තියෙනවා

 

10:12 PM

(ඕවර 13 - 98/6)
කඩුලු දැව යාම නම් ගාල්ල පිලට ප්‍රශ්නයක් වෙන හැඩයි... තවත් ඕවර 7 ක් ඉතිරිව තිබුණත් කඩුලු 4 යි තියෙන්නේ.... විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් ගාල්ල පිලට ඉතිරි වෙලා නෑ

 

10:07 PM

(ඕවර 12 - 94/5)
යන්තම් හතරේ පහරක්.. ෂෙහාන් ජයසූරියගෙන්... දුෂ්මන්ත චමීරට.. ඒත් ඕවරයේදී ලකුණු 7 ක් පමණයි

 

10:06 PM

(ඕවර 11 - 87/5)
ක්වායිස් අහමඩ්ගෙන් තවත් සාර්ථක ඕවරයක්.. ලකුණු 4 ක් පමණයි.. පන්දු 19 කින් හතරේ පහරක් නෑ..

 

10:05 PM

(ඕවර 10 - 83/5)
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ඉතාම සාර්ථක ඕවරයක්.. ලකුණු 2 ක් පමණයි.. ගාල්ල පිලේ කඩුලු දැවී යාම නිසා පිතිකරුවෝ පීඩනයට ලක්වෙති

 

10:01 PM

(ඕවර 9 - 81/5)
අශාන් ප්‍රියන්ජන්ගෙන් සාර්ථක ඕවරයක්. පිට පිටම පන්දු 2 කදී කඩුලු දෙකක් දැවී යාම නිසා ගාල්ල පිලේ ලකුණු ගලා ඒම අඩාළ වෙයි.

 

09:42 PM(ඕවර 8 - 74/3) 
දුෂ්මන්ත චමීර දරුණු ප්‍රහාරයකට ලක්වෙයි. එම ඕවරයේදී ලකුණු 14 ක්

09:35 PM

(ඕවර 7 - 60/3)
ඉසුරු උදානගේ තවත් සාර්ථක පන්දු යැවීමක්. උදානගේ ඕවර දෙකකින් පිතිකරුවන් ලබාගෙන ඇත්තේ ලකුණු 6 ක් පමණයි

 

09:34 PMඕවර 6 - 57/3
භානුක රාජපක්ෂගේ පහසු උඩපන්දුවක් තික්ෂිල ද සිල්වා අතින් ගිළිහී යයි. උඩපන්දුව රැකගැනීමට දෙදෙනකුම දිව ගියත් අවසන් මොහොතේදි එයට ආසන්න වූ තික්ෂිල ද සිල්වා අතින් ගිළිහී යන්නේ පහසු උඩපන්දුවකි. ...  ඕවරයේ අවසන් පන්දුවේදී අසාම් ඛාන් දැවී යයි.

09:23 PM​ඕවර 5 - 47/2
ලකුණු ගලාඒම තරමක් පාලනය වූ ඕවරයක්

09:22 PM

ඕවර 4 - 44/2
ලකුණු 17 ක් ගලා ආ... ගාල්ල පිලට ඉතාම සාර්ථක ඕවරයක්. ලකුණු ගලා ඒම සටහන් වූයේ 0, 6, 1, 6, 4, 0 ක් වශයෙනි

 

09:15 PM

ඕවර 3 - 27/2
මැතිව්ස් සටනට බසී... අෂාන් අලීගේ කඩුල්ල බිඳ දැමූ මැතිව්ස් වේගයෙන් තරගයට අවතීර්ණ වූවත් අවසන් පන්දු දෙකේදීම අසාම් ඛාන්ගෙන් හතරේ පහර දෙකක් වදී. කොළඹ පිල සතුව හොඳ පන්දු යවන්නන් පිරිසක් සිටින නමුත් ආරක්ෂා කරගැනීමට ඇත්තේ ලකුණු 150 ක් පමණි.

 

09:14 PM​ඕවර 2 - 17/1
අශාන් ප්‍රියන්ජන්ගේ පන්දු දෙකකට පිට පිටම හතරේ පහර දෙකක් ගැසූ ධනුෂ්ක ගුණතිලක තවත් එවැනිම පහරක් ගැසීමට යාමෙන් දැවී යයි.

09:14 PMඕවර 1 - 05/0
පළමු ඕවරයේ දෙවැනි පන්දුවටම පන්දු යැවූ මැතිව්ස්ගේ හිසට ඉහළින් හතරේ පහරක්

09:07 PMගාල්ල පිතිකරුවෝ ලකුණු හඹා යාම අරඹති... ධනුෂ්ක ගුණතිලකගෙන් හොඳ ආරම්භයක්

08:51 PM

ඕවර 20 - 150/9
සහන් ආරච්චි යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දුව පිත්තටම ලැබුණු එකක්. මුහුණ දෙන්න ඉතාම පහසු පන්දුවක් වුණත් ඉසුරු උදාන ගැසූ ඒ පහරින් පන්දුව හතරේ සීමාවට ඉහළින් යන්න ඔන්න මෙන්න තිබියදී ෂෙහාන් ජයසූරිය ඒක උඩපන්දුවක් කරගත්තා.... කඩුල්ලට වඩා ලකුණු 6 ක ඉතිරියක්....
මේ ලකුණු 6, අවසන් මොහොතේදී ඉතාමත් තීරණාත්මක වෙන්න පුළුවන්

 

08:46 PM

ඕවර 19 - 139/8

මොහොමඩ් අමීර්ගේ 3 වැනි ඕවරය අවසන් වන විට ඔහුගෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 18 යි. කඩුලු නෑ... පාකිස්තානු පිලේ ඉදිරිපෙළ පන්දු යවන්නකුටත් ඕවර 4 ක් නැති වුණේ අනෙක් දේශීය පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය නිසා... බිඳ වැටුණු කඩුලු 8 ම දේශීය පන්දු යවන්නන්ට (නුවන් තුෂාර 2යි, ධනංජය ලක්ෂාන් 2යි, ලක්ෂාන් සඳකැන් 3 යි, ෂෙහාන් ජයසූරිය 1 යි)

 

08:43 PM

ඕවර 18 - 130/8
ඒ ඕවරයේදී ලකුණු 4 යි... නුවන් තුෂාර (පොඩි මාලිංග) සහ ධනංජය ලක්ෂාන් දෙදෙනාම හොඳ පන්දු යැවීමක... දෙදෙනාගේම ඕවර  8 න් ලකුණු 54 ක් පමණයි

 

08:42 PM

ඕවර 17 - 126/7
තරගයේ තවත් ඕවර 4 ක් විතරයි තියෙන්නේ.... මේ වගේ වෙලාවක ඕවරයකදී ලකුණු 6 ක් ඇතිද ?

 

08:34 PM

ඕවර 16 - 120/6

ආරම්භය කෙසේ වූවත් වඩා වැදගත් වන්නේ අවසානය බව ගාල්ල ක්‍රීඩකයෝ ඔප්පු කරමින් සිටිති. තරගාවලියේ මූලික වටයේදී තරග  8 කින් 6 ක් පරාජය වී, යන්තමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ගාල්ල ක්‍රීඩකයෝ තරගාවලියේ ග්‍රහණය වැඩි කරමින් සිටිති.

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටි කොළඹ පිල අමාරුවේ වැටී සිටී.

 

08:30 PM

ඕවර 15 - 104/5
 
ලකුණු නම් හරිම හිඟයි...

 

08:27 PM

ඕවර 14 - 99/5

අශාන් ප්‍රියන්ජන් දැවී යයි. දැන් නම් කොළඹ පිල ඉතාම අසීරු තත්ත්වයක ඉන්නේ .... කව්රුහරි විශේෂ ඉනිමක් ක්‍රීඩා නොකළොත් ...

 

08:23 PM

ඕවර 13 - 90/4

මේ ඕවරයේදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 13 ක් ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් පන්දු 41 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරනවා... කොළඹ පිල වෙනුවෙන් විශාල වැඩ කොටසක්

 

08:10 PM

ඕවර 12 - 78/4

ඔන්ඩ්‍ර් රසල් දැවී යයි. මේක නම් ගාල්ල පිලේ සාර්ථක දඩයමක්.. ස්ටම්ප් කිරීමක්....පන්දු යවන්නා සඳකැන්.

(රසල් පන්දු 6 කින් ලකුණු 11 යි)

 

08:03 PM

​ඕවර 10 - 63/3

ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි. ඔන්ඩ්‍රි රසල් පිටියට ආවත් පළමු පන්දුව ගුග්ලි පන්දුවක්. දෙවැනි පන්දුවට හයේ පහරකින් සංග්‍රහ කරමින් රසල් ලකුණු ලබාගැනීම අරඹයි

 

08:00 PM

ඕවර 9 - 54/2
ලකුණු අඩු ඕවරයක්.. සහන් ආරච්චිගේ සාර්ථක ඕවරයක්

 

07:48 PM

ඕවර 8 - 49/2
යන්තම් හයේ පහරක් දැක්කා.... ඒත් ලකුණු වේගය නම් මදි වගේ... පන්දු 48 කට ලකුණු 49 යි තාම

 

07:47 PM

ඕවර 7 - 39/2
නායක ඇන්ජලෝ මැතිව්ස් පිටියට ඇවිත්.. නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් සාර්ථක පන්දු යැවීමක යෙදෙනවා

 

07:42 PM

ඕවර 6 - 32/2
චන්දිමාල් දැවී යයි. ධනංජය ලක්ෂාන්ගේ ඕවරයේදී එකම ලකුණයි. ඒත් චන්දිමාල්ගේ කඩුල්ල.... කොළඹ පිලට බරපතළ පාඩුවක්

තරගාවලියේ පසුපසින්ම සිටි ගාල්ල කණ්ඩායම කොළඹ පිලට බරපතළ තර්ජනයක් වෙමින් තියෙනවා

 

07:30 PM

ඕවර 5 - 31/1
චන්දිමාල්ගෙන් ආයෙමත් අර පහර... පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගහන අලංකාර පහරක්... චන්දිමාල්ගෙන් නුවන් තුෂාරට (පොඩි මාලිංග) පිට පිටම හතරේ පහර දෙකක්

 

07:28 PM

ඕවර 4 - 18/1
චන්දිමාල් ඉවසිලිවන්තව ඉන්නවා. ඒත් පන්දු වැයවෙනවා... මේ දක්වා යැවුණු පන්දු 24 කට ලකුණු 18 ක් පමණයි

 

07:26 PM

​ඕවර 3 - 04/1
මොහොමඩ් අමීර්ගේ ඕවරයේදී එකම හතරේ පහරක් පමණයි. ඒකත් පිත්තේ වැදිලා ගිය එකක් මිස ගහපු පාරක් නෙමේ. ඉතාම හොඳ පන්දු යැවීමක්.. චන්දිමාල් පන්දු 7 කින් ලකුණු 6 යි. ඩැනියෙල් ලකුණු 10 යි

 

07:18 PM

ඕවර 2 - 04/1
පස්වැනි පන්දුව්දීත් තර්ඩ් මෑන් කලාපයට උඩපන්දුවක් ලැබුණ නමුත් එය නිසිපරිදි රැකගත නොහැහි වීම නිසා ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලැබේ.

ඕවරයේදී ලකුණක් පමණයි

 

07:16 PMපළමු පන්දුවේදීම ළහිරු උදාර දැවී යයි. ඉතාම දුර්වල පහරක්....
ළහිරු උදාර - ඇ.අසාන් අලි ප.නුවන් තුෂාර.... 0 (පන්දු 5 යි) 

07:14 PMදෙවැනි ඕවරය නුවන් තුෂාරගෙන්... අර ලසිත් මාලිංග විදිහට පන්දු යවන ක්‍රීඩකයා

07:13 PMඕවර 1 - 03/0
පළමු ඕවර මොහොමඩ් අමීර්ගෙන්. වයිඩ් පන්දුවක් තිබුණත් ඕවරයේදී ලකුණු 3 ක් පමණයි

07:08 PM

තණතීරු වාර්තාව සැපයූ ඩැරන් ගංගා කී ආකාරයට පින්නේ බලපෑම අඩු කිරීම සඳහා පැයකට පෙර තරගය ආරම්භ කෙරේ. තණතීරුවේ තරමක් තණකොළ තිබුණද එය දැඩි, පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක තිබේ. එහෙත් පන්දු යවනන්නන්ට දෝලනය අපේක්ෂා කළ හැකිය.

මීට පෙර පැවති තරඟ 20 ට අනුව, ඉනිමක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 167 කි. එහෙත් අද තණතීරුව සහ පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ කොළඹ කිංග්ස් පිල බැවින් ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් අපේක්ෂා කළ හැකිය.
&

 

06:51 PMකොළඹ කිංග්ස් කණ්ඩායම : දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ඩැනියෙල් බෙල්-ඩ්‍රමන්ඩ්, ලහිරු උදාර, ඇන්ජලෝ මැතිව්ස් (නායක), තික්ෂිල ද සිල්වා, ඔන්ඩ්‍රි රසල්, අෂාන් ප්‍රියංජන්, ඉසුරු උදාන, අමිල අපොන්සු, කයිස් අහමඩ් සහ දුෂ්මන්ත චමීර

06:51 PM

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම : ධනුෂ්ක ගුණතිලක, අසාන් අලි, අසාම් ඛාන් (කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ (නායක), සහන් අරච්චිගේ, චානක රුවන්සිරි, ෂෙහාන් ජයසූරිය, ධනංජය ලක්ෂන්, මොහොමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන්

 

06:37 PM

තරග අටක දී ජයග්‍රහණ 6 ක් ලබා ගනිමින් කොළඹ කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත. අද දිනයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. ප්‍රසාද ලකුණු සටහනේ කුමන ස්ථානය හිමිකරගත් නමුත් එල්පීඑල් හි ප්‍රථම වරට ශූරයන් ලෙස කිරුළු පළඳින්නට නම් කණ්ඩායම් හතරටම ඇත්තේ එකම ගමන් මගකි. එනම් පිට පිට තරග දෙකක් ජයගැනීමයි.

 

06:35 PM

කොරෝනා වසංගතයෙන් බැට කමින්, ඉතාම අසීරු තත්ත්වයකට රට මුහුණ දී සිටියදීත්, තම තමන්ගේ එදිනෙදා ජීවිතය අවුල් සහගත වූ ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් සතන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇද බැඳ තබාගැනීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්‍, තරගාවලියේ බර කරට ගත් අයි.පී.ජී. සමාගමටත් පළමුවෙන්ම ස්තුති කළ යුතුව තිබේ.

අදහස් (0)

ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.