Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සීමිත ඕවර තරගයේ ජය ශාන්ත ජෝන් විදුහලට

සීමිත ඕවර තරගයේ ජය ශාන්ත ජෝන් විදුහලට

editorial - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය ශාන්ත ජෝන් විදුහල සහ යාපනය මැදි විදුහල අතර පැවැත්වෙන උතුරු සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව 18 වැනි වරටත් පැවැති සීමිත ඕවර තරගය ලකුණු 33 කින් ජයගැනීමට ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ අද (14 වැනිදා) සමත් වූහ.

ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 95 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහලට ඕවර 25.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 61 ක් පමණි.

ඒ. අභිෂේක් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගනිමින් යාපනය මැදි විදුහල් ඉනිම අඩපණ කළේය.  ශාන්ත ජෝන් විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වයි. විදුෂාන් සහ ටී. දිනෝෂාන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් විදුහල ඕවර 36.3 කදී සියලු දෙනා දැවී ලකුණු 94 ක් ලබාගත් අතර එහිදී ඒ. නිදුෂාන් සහ කේ. ඉළයරාතන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.

 

ශාන්ත ජෝන් විදුහල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 94
(ඒ. නිදුෂාන් 08/3, කේ. ඉළයරාතන් 27/3)

යාපනය මැදි විදුහල - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 61
(ආර්. රාජ්ක්ලින්ටන් 24, ඒ. අභිෂේක් 20/5, වයි. විදුෂාන් 12/2, ටී. දිනෝෂාන් 16/2)

-036

 

 

 


අදහස් (0)

සීමිත ඕවර තරගයේ ජය ශාන්ත ජෝන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.