Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches රාජකීයයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

රාජකීයයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 143 වැනි ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි රාජකීයයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියහ.

දෙවැනි දිනය නිමාවට පත්වන විට රාජකීය විදුහල කඩුලු 6 ක් අතැතිව සාන්ත තෝමස් විදුහලට වඩා ලකුණු 106 පසුපසින් සිටියේය. ඒ වන විට උවිඳු වීරසේකර හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, රුමිරු පෙරේරා හතරේ පහරක් සමග නොදැවී ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට රාජකීය විදුහලේ මුල් පෙළ පිතිකරුවන් දෙදෙනකුම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කවිඳු ඩයස් සමත් විය. කෙසේ වුවත් සිනෙත් ජයවර්ධන (32) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ උවිඳු වීරසේකර රාජකීය ඉනිමට නව ජවයක් එක් කළේය.

ජනිඳු අබේගුණවර්ධනගේ පන්දුවක් හමුවේ මුයිස් නෞෂාන් අතට උඩ පන්දුවක් දෙමින් සිතෙන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව දසිස් මංචනායක (17) සමග එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 32 ක්ද, රමිරු පෙරේරා සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක්ද එක් කිරීමට උවිඳු සමත් විය.

පළමු දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටි සාන්ත තෝමසුවන්ට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 35 ක් පමණි. එහිදී රාජකීය කණ්ඩායමේ නායක ගීෂාන් බාලසූරිය ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


සාන්ත තෝමස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 242
(සේනාධි බුලන්කුලම 18, ජනිඳු අබේගුණවර්ධන 28, රයන් ප්‍රනාන්දු 18, සෙනෙෂ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් 51, මලිත් පෙරේරා 33, ගිෂාන් බාලසූරිය 56/3, රුමිරු පෙරේරා 36/2)

රාජකීය පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 136
(සිනෙත් ජයවර්ධන 32, උවිඳු වීරසේකර නොදැවී 62, කවිඳු ඩයස් 38/2)

 


අදහස් (0)

රාජකීයයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.