Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ඌවේ රන් ගැටුම සූරියවැවදී

ඌවේ රන් ගැටුම සූරියවැවදී

editorial - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දියතලාව - ඩී.කේ.රත්න)

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහා විද්‍යාලය අතර පැවැත්වෙන ‘ඌවේ රන් ගැටුම’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 13 සහ 14 යන දිනයන්හිදී සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඌවේ රන් ගැටුම ක්‍රිකට් තරගය මෙම වර්ෂයේදී  16වැනි වරටත් පැවැත්වේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා අත්දැකීම් ලබාගැනීමේ අරමුණින් ප්‍රථම වතාවට මෙම වර්ෂයේදී  ක්‍රිකට් තරගය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක පැවැත්වීමට කටයුතු යොදා තිබේ..

මෙම තරග ඉතිහාසයේදී බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලය තෙවතාවක් ද, බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය දෙවතාවක්ද ජයග්‍රහණය කර තිබේ.  ඉතිරි තරග සියල්ල ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

මෙවර බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ කණ්ඩායම් නායකයා  ලෙස පස්වන වසරේ ක්‍රීඩකයෙකු වන  ඩී. එම්. ලෙශාන් දිලුක්ෂ කටයුතු කරන අතර බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහලේ කණ්ඩායම් නායකයා ලෙස දෙවැනි වසරේ ක්‍රීඩකයකු වන  ඩී. එම්. පමුදු සචින්ත පුමුදිත් දසනායක  කටයුතු  කරයි.

මෙවර ඌවේ රන් ගැටුම ක්‍රිකට් තරගයේ බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ ක්‍රීඩාභාර ආචාර්යවරයා ලෙස අමිත් චතුරංග යාපා මහතා කටයුතු කරන අතර ක්‍රිකට් පුහුණුකරු ලෙස දිනූෂ ජයශංක මහතා කටයුතු කරයි. බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස නිමල් කරුණාසේන මහතා කටයුතු කරන අතර ක්‍රිකට් පුහුණුකරු ලෙස ජී. නාලන්ද මහතා කටයුතු කරයි.

බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. සෝමරත්න මහතාගේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙවර මෙම ඌවේ රන් ගැටුම ක්‍රිකට් තරගය බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත.

 


බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලීය කණ්ඩායම
(ඉදිරි පෙළ වමේ සිට) :-
ඩී.එම්. පමුදු සංචිත ප්‍රමුදිත් දසනායක (නායක) , වයි.එම්.අමිත් චතුරංග යාපා (ක්‍රිකට් බාර ආචාර්ය), ඩී.එම්.රණතුංග (විදුහල්පති), ආර්.එම්. ශාන්ත බණ්ඩාර (ක්‍රීඩා බාර ආචාර්ය), එස්.ඩබ්.දිනූෂ ජයශංක (පුහුණුකරු), ආර්.එම්.පසිදු ෂාමිල්
දෙවැනි පෙළ වමේ සිට :-
ඩබ්.එම්.චතුම් ලක්ප්‍රිය විජේසුන්දර, ඩබ්.එම්.උදිත භාග්‍ය විජේසුන්දර, ඩබ්.එම්.රුචිර අයෝධ්‍ය විජේසුන්දර, ආර්.එම්. සදිත් ප්‍රභාත් රත්නායක, එම්.ඒ. භාංචන පසංග මාරසිංහ, ඩබ්.එම්. චුලාර ජයරුවන් විජේසුන්දර, කුමුදු හරිත් රත්නායක, ජේ.පී.ඒ. අවිශ්ක හංසන දිල්ශාන් ගමගේ, ඩී. යසිත් හේශාන් වීරසිංහ, පී.පී. නදුන් හේෂාන් කෞෂල්‍ය, එස්.එම්. ජනීෂ හංසක ඉඳුවර බංඩාර, ඩබ්.ඩී. ශානක ධනන්ජය වීරසිංහ, පී.කේ. ගිම්හාන් කේශර වීරසිංහ.

 

 


බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් මහ විද්‍යාලයීය කණ්ඩායම
(ඉදිරි පෙළ වමේ සිට) :-
එච්.එම්. පසන් හිරුදික, ඩී.එම්. ලෙශාන් දිලුක්ෂ (නායක), පී. නාලන්ද (පුහුණුකරු), ආර්.එම්.ඩී. සෝමරත්න (විදුහල්පති), ආර්.එම්. නිමල් කරුණාසේන (ක්‍රිකට් බාර ආචාර්ය), ආර්.බී.ඩී.ඒ. සුමතිපාල (ක්‍රීඩා බාර ආචාර්ය), ජේ.එම්. මලිත මදීව, යූ.අයි. ලංකාතිලක.
පසුපෙළ වමේ සිට :-
ඩී.එම්.නිශාන් ප්‍රමෝද්, ඒ.එම්. ගයාන් බුද්ධික, ජේ.එම්. රන්දුල රොෂාන්, ජේ.එම්.එල්.ටී. දිල්ෂාන් ජයවීර, ආර්.එම්. චමිදු ජිනේන්ද්‍ර, එම්. මලිත් තිලංක, කේ. සහන් හංසක, ඩී.එම්. රුචිර දිල්ෂාන්, ඩී. අදීෂ වීරසූරිය, කේ.එච්. යසිරු රුවන්ත, ඩී.එම්. සිතිජ චමින්දු.


අදහස් (1)

ඌවේ රන් ගැටුම සූරියවැවදී
  • Nishantha Thursday, 12 March 2020 07:17 PM

    රට තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් අවලංගු කළ යුතුය.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.