Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරූණෑගල ශාන්ත ආනා විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 37 වැනි ඇතුගල්පුර සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (14 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

දෙවැනි දිනය වූ අද තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ආනා විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියේය. එහිදී ශාන්ත ආනා විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කවිඳු ඒකනායක ලකුණු 88 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 331 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අතිටුවීමට තීරණය කළේය. එහිදී දක්ෂ පිතිහරඹක නිතර වූ මතීෂ වීරසිංහ (113) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර මලියදේව විදුහල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ගයාන් වීරසිංහ ලකුණු 58 ක් රැස්කළේය.


මලියදේව විදුහල් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 331
(මතීෂ වීරසිංහ 113, ගයාන් වීරසිංහ 58, ඉෂාර මුණසිංහ 43, චාලුක අතපත්තු 43, අමේෂ් තෙන්නකෝන් 28, මුදිත ප්‍රේමදාස 26, කවිඳු රණසිංහ 57/2)

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 262
(කවිඳු ඒකනායක 88, ත්‍රිමල්ෂ සිල්වා 33, රිෂිත පෙරේරා 23, කවිඳු රණසිංහ 21, මතීෂ වීරසිංහ 23/2)


-036

 


අදහස් (0)

ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.