Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner අභියෝග සමග නොගැටුණු දිල්හානි

අභියෝග සමග නොගැටුණු දිල්හානි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මෙවර ආසියානු  මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට කොයිතරම් ප්‍රකබල ක්‍රීඩිකාවන් සහභාගී  වුවත් අභියෝගක් ලෙස නොසලකා ඔවුන් ගැන කිසිම තැකීමක් නොකර තරගයට මුහුණ දුන් බවත් අවසනයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස තමන්ට  රිදී පදක්කම මම දිනා ගැනීමට හැකිවූ බවත් නදීෂා දිල්හානි ලේකම්ගේ පැවසුවාය.

ආසියානු ශූරතා මලල  ක්‍රීඩා  තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් විසින්  හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම් දිනාගත්  හතරවන අවස්ථාව මෙයයි.

2003  මැනිලා ආසියානු ශූරතාවලියේදී මෙම ඉසව්වෙන් ප්‍රථම වරට ඈන් මහේෂි ද සිල්වා මීටර් 50.18 ක් දුර හෙල්ල විසි කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. අනතුරුව ඈන් මහේෂි 2005  ඉන්චියොන් ආසියානු ශූරතාවලියේදීත්  මීටර් 54.86 ක් දුර හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

2007 අම්මාන් ආසියානු ශූරතාවලියේදී  නදීකා ලක්මාලි මීටර් 52.59 ක දුරක් හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කම දිනාගත් අතර 2013 පූනේ ආසියානු ශූරතාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 60.16 ක දුරක්   ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

ආසියානු  මලල ක්‍රීඩා  ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් දෙවැනි ක්‍රීඩිකාව  ලෙස  නදීෂා දිල්හානි ලේකම්ගේ හැදින්විය හැකිය.

“මම කිසිවිටක අභියෝග සමඟ ගැටුණු කෙනෙක් නෙවෙයි. මම අභියෝග ගණන් ගන්නේ නෑ. නමුත් මම දැනගෙන හිටියා මට මෙවර පදක්කමක් දිනාගත හැකි බව” යයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියතු දිල්හානි ලේකම්ගේ ඇහැලියගොඩ මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
ඉන්දියාවේ  භූබනේෂ්වර්හි දැන් පැවැත්වෙන 22 වැනි ආසියානු මලල ක්‍රීඩා  ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා  ආසියාවේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූ අතර ඒ අතරින් නදීෂා දිල්හානි උත්සාහයන් 6 කදී (මීටර් 52.93, මීටර් 53.03, මීටර් 56.86, මීටර් 58.11 සහ මීටර් 56.14) කින් නිම කිරීමට සමත් වූ  අතර ඇය උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කරන ලද්දේ 5 වැනි අවස්ථාවේදීය.

දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ කාලිංග ක්‍රීඩාංගනයේ පුහුණුවීම් වල නිරත වූ බැවින් චකිතයකින් තොරව තරගයට මුහුණ දීමට හැකි වූ බව පැවසූ දිල්හානි එය මලල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා ඇමතිවරයා ගත් හොඳ තීරණයක් යැයි සඳහන් කළාය.

“හොඳ තරගකාරීත්වයක්  තියෙනවා නම් මට තව ඉදිරියට යන්න පුලුවන්. මම හිතනවා  මීළඟ ආසියානු ක්‍රීඩා  උළෙලේදී  (2018 -ජකර්තා) පදක්කම් දිනන්න හැකියාව පවතින බව”  යැයි  ඇය පැවසුවා.

හෙල්ල විසිකිරිමේ කාන්තා ඉසව්වේ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව 76 වැනි ස්ථානයේ සිටි දිල්හානි ලේකම් ගේ  නවතම දක්ෂතාව අනුව (මීටර්  58.11) ඇය දැන් ලොව 73 වැනි ස්ථානයට පත්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම හෙල්ල විසිකිරීමේ පුහුණුකරුවෙකු වන ඒ. ජේ. රුද්රිදගූ  මහතා දිල්හානි  ලේකම්ගේ පෞද්ගලික පුහුණුකරු වෙයි. දිල්හානිගේ දක්ෂතා  ගැන රුද්‍රිගු  මහතා පවසන පරිදි ඇය සිය  ඉසව්ව ඔහු යටතේ  පුහුණු කරන ලද්දේ මීටර් 50.00 සිය සීමාවේ සිටය.

දිල්හානි  ක්‍රමයෙන් මීටර් 52.00 සිට මීටර් 55.00  දක්වා ඉදිරියට පැමිණ යළි පහළට ගොස් ඇත. ඒ ඇයට තිබූ  පෞද්ගලික ප්‍රශ්න නිසා. ඇයගේ දක්ෂතාවය වගේම මනසත් වර්ධනය කර මේ තත්ත්වයට ගෙන ආවා යැයි රුද්රිගු මහතා පැවසීය. දිල්හානි කෙටි කාලයක් තුළ සිය දක්ෂතාව වර්ධනය  කරගත් ක්‍රීඩිකාවකි.

මගේ එකම අරමුණ  2018  වසරේ දී  ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිල්හානිට ලබා දීම යැයි ද පුහුණුකරු  වන ඒ.ජේ. රුද්‍රිගු  මහතා  පැවසීය.  

ඒ.ජේ. රුද්‍රිගු මහතා හෙල්ල විසිකිරීමේ (පිරිමි/ කාන්තා) ඉසව්වෙන් ආසියානු මට්ටමේ පදක්කම් 3ක් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට දායක වූ ප්‍රවීන පුහුණුකරුවෙකි. සචින් මධුරංග සහ නදීෂා ලක්මාලි දෙදෙනාත්  දිල්හානි මෙන්ම රුද්‍රිගු මහතා යටතේ පුහුණු වූවෝ වෙති.
   

 


අදහස් (0)

අභියෝග සමග නොගැටුණු දිල්හානි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.