Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට රටවල් හතක්

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට රටවල් හතක්

editorial - 2022 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2023 ජනවාරි 13-14-15 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත 36 වැනි ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ (විවෘත) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට රටවල් හතකින් හා ඉන්දියාවේ ප්‍රාන්ත 10කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘මාස්ටර්ස්’ (ප්‍රවීණයන්ගේ) මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මෙවර තරගාවලියේ දී වයස 30 සිට ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමේ අවස්ථාව ලබාදී තිබෙන බව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ‘මාස්ටර්ස්’ මලල ක්‍රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා පැවසීය.

තරග අයැදුම්පත් බාර ගැනීම ලබන දෙසැම්බර් 23 වැනිදා දක්වා සිදු කෙරේ. තරග අයැදුම් පත්‍රිකා ඩබ්.කේ.බී.පී. සෙනවිරත්න, ‘රත්නමාලි’ කඩුගන්නාව, ගොවිපොලවත්ත ලිපිනයෙන් ලබාගත හැකිය.

තරගාවලිය පිළිබඳව 0712722147 හෝ 0724454441 යන දුරකතන අංක ඔස්සේ සෙනවිරත්න මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. ඒ සඳහා senekandy@gmail.com යන විද්‍යුත් ලිපිනය ද භාවිතයට ගත හැකිය.

මේ අතර ශ්‍රී ලංකා ‘මාස්ටර්ස්’ මලල ක්‍රීඩා සංගමය පවසන්නේ මින් ඉදිරියට ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගමාලා සම්බන්ධීකරණය කිරීමේ නිල හිමිකම ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය විසින් සිය සංවිධානයට පවරා තිබෙන බවයි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගමාලා ගණනාවකට සිය සංගමයේ මැදිහත්වීමෙන් යොමු කරන බව ශ්‍රී ලංකා ‘මාස්ටර්ස්’ පවසයි.


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට රටවල් හතක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.