Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ චෙන්නායි නුවර දී දැන් පැවැත්වෙන සමස්ත ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර්  4x100 (කාන්තා) සහාය දිවීමේ කණ්ඩායම තත්පර 45.35 කට රිදී පදක්කම හිමි කර ගත්තාය.

අමාෂා ද සිල්වා, සෙලින්ඩා ජෙන්සන්, මේධානි ජයමාන්න හා ලක්ෂිකා සුගන්ධි රිදී පදක්කම් ලාභී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ වෙති.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගත් එකම පදක්කම ද මෙයයි. කෙසේ වුවත් මෙම තරගාවලිය නිමාවට පත් වන අද (14) දිනයේ දී ශ්‍රී ලංකා මීටර් 4x100 (පිරිමි) කණ්ඩායම තරග වැදීමට නියමිතව සිටියේය.

මෙම සහාය දිවීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව පදක්කමක් කෙරෙහි වඩාත් විශ්වාසයෙන් පසුවේ. ඊයේ (13) රිදී පදක්කම ලද ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායම ගියවර පත්යාලා නුවර දී පැවති (2021) මෙම තරගාවලියේදිත් රිදී පදක්කම දිනා තිබෙන අතර එහි විශේෂත්වය මෙම ක්‍රීඩිකාවන් සිව් දෙනාම එහිදීත් ධාවනයට හවුල්වීමයි.

මෙවර තවත් විශේෂත්වයක් වූයේ ඔවුන් දෙවැනි ස්ථානයට පත්වෙමින් වාර්තා කළ තත්ත්පර 44.55 ක කාලය ශ්‍රී ලංකා මීටර් 4x100 සහය දිවීමේ කාන්තා කණ්ඩායමක් වසර 19 කට පසුව වාර්තා කළ හොඳම වේගය බවට එය පත්වීමයි.

අද මීටර් 4x100 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම ඉන්දීය ජාතික කණ්ඩායමට තත්ත්පර 43.95කට හිමි විය. ලෝකඩ පදක්කම හිමිවූයේ තත්ත්පර 45.71 කට කේරළ ප්‍රාන්ත කණ්ඩායමටයි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.