Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics උෂාන්ගෙන් ආසියානු පදක්කමක බලාපොරොත්තු

උෂාන්ගෙන් ආසියානු පදක්කමක බලාපොරොත්තු

editorial - 2022 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඇමරිකාවේ දැන් කල් ගෙවන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට කැමැත්ත පළකර තිබේ. ඒ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු පැවැති 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නිර්දේශ වුවත් ඔහු දැනට කල්ගෙවන ඇමරිකාවේ රැඳී සිටීමේදී උද්ගතවූ වීසා ප්‍රශ්නයක් මුල්කර ගනිමින් මෙම තරග සංචාරයෙන් ඉවත් විය.

මේ වනවිට මීටර 2.30 කට උස පැනීමේ (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන උෂාන් අවසන් වරට පසුගිය මැයි 27 වැනිදා ඇමෙරිකාවේදී තරග වදිමින් මීටර 2.22 ක දක්ෂතාවයක් දක්වා තිබේ.

කෙසේ වුවත් ඔහුට ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සහ ඉලක්කගත තරගාවලි සූදානම් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබාදී තිබේ.

මෙම ‘සූම්’ සාකච්ඡාවට එක්ව සිටි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා උෂාන් තිවංක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉටු කර දීමට සිය ක්‍රීඩා සභාව කටයුතු කරන බව පැවසීය.


අදහස් (0)

උෂාන්ගෙන් ආසියානු පදක්කමක බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.