Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කළමණාකරුට - පුහුණුකරුට - ක්‍රීඩකයන්ට දඬුවම්

කළමණාකරුට - පුහුණුකරුට - ක්‍රීඩකයන්ට දඬුවම්

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියදී සාදයක් පැවැත්වීම සහ තවත් විනය නීති රීති කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කනිෂ්ට මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ඒ.එස්.එන්. අබේසේකර මහතාට මාස 6 ක තහනමක් පනවා තිබේ. ඊට අමතරව, කණ්ඩායමේ පුහුණුකරු විමුක්ති ද සොයිසා මහතාට වසරක අන්තර්ජාතික තහනමක් පනවා තිබේ.

කනිෂ්ට මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ කාලිංග කුමාරගේ, ෂෙලින්ඩා ජැන්සන් හා ඩබ්ලිව්.එල්. සුගන්ධි තිදෙනාට මාස 4 ක කාලයක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවා ඇති අතර එම කාලය තුළදී ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දේපල පරිහරණය කිරීමත් තහනම් කර තිබේ.

ඉන්දියාවේ පතියලා නුවරදී පැවැති ඉන්දියානු අන්තර් ප්‍රාන්ත තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඔවුන් විසින් කරන ලද විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මෙසේ දඬුවම් නියම කර තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳව විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට යොමු කිරීමෙන් පසු අදාළ නිර්දේශ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පසුගිය අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරනු ලැබිණ. මෙම දඬුවම්, තීරණය ලබාදුන්  අගෝස්තු මස 16 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි විය යුතු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම් දී තිබේ.

ඉන්දියාවේ පතියලාහිදී  පැවති 60 වන ඉන්දියානු අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි කණ්ඩායම නිරෝධායනය කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. එහෙත් මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එම කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා කොළඹ සුගතදාස හෝටල් පරිශ්‍රය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණි.

කණ්ඩායම සුගතදාස හෝටලය වෙත යොමු කළ පළමු දිනයේදීම කිහිපදෙනෙකු විනය විරෝධී ව කටයුතු කර ඇතැයි සැළවීමෙන් පසුව ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මෙම දඬුවම් නියම කර ඇත්තේ එම විනය කමිටුව විසිනි.


- 213


අදහස් (0)

කළමණාකරුට - පුහුණුකරුට - ක්‍රීඩකයන්ට දඬුවම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.