Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පොදුරද මඬුලු යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩකයෝ 6ක්

පොදුරද මඬුලු යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩකයෝ 6ක්

editorial - 2023 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම ‘මහින්ද රාජපක්ෂ පිටියේදී සිවු දිනක් පුරා පැවැති 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉහළම දක්ෂතා දැක්වූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකු එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල  ක්‍රීඩා තරගාවලිය සඳහා  නිර්දේශ ලබා ගැනීමට නියමිතය.

එම තේරීම් ලබන අඟහරුවාදා (13) සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරු- ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන ලද අයට  නිර්දේශවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද වාර්තාවේ.

 එහිදී නව වාර්තා 17ක් බිහිවීම  කැපීපෙනුණි. වසර 13ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට වයස 20න් පහළ කාණ්ඩයෙන් මීටර 100 කඩුලු බාලිකා ඉසව්වට තරග වැදුණු එස්.ඩී. කනන්ගම සමත් වූවාය.

ඒ තත්පර 14.45ටය. ඒ වසර 2011 දී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ  හර්ෂනී විජේසිංහ තත්ත්පර 11.52කට පිහිටුවා තිබූ පැරණි වාර්තාව බිඳ දමමිනි. ඒ අතර මීටර 200-වයස 23න් පහළ කාණ්ඩයේ මීටර 200 (බාලක) ඉසව්වේ මූලික වටයේදී එහි නව වාර්තාව තත්පර 21.42කදී පිහිටුවීමට සමත් වූයේ යුද හමුදා ක්‍රීඩක අයි.කේ.බී. අබේවර්ධන (පැරණි වාර්තාව-තත්පර 21.50) විසිනි.

 

අභියෝග ශූරතා සම්මාන

වයස 16න් පහළ

දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ප්‍රදානය කෙරෙන ‘සුසන්තිකා ජයසිංහ’ කුසලාන:- නේත්‍රා සමාධි උස පැනීම (බාලිකා) මීටර 1.66- (දික්වැල්ල විජිත මැදි විදුහල)

දක්ෂතම ක්‍රීඩකයා:- සඳහා ප්‍රදානය කෙරෙන නැකෙවිනා කුරේරා කුසලාන:- බිනිඳු බෝජිත, කව පෙත්ත විසිකිරීම- (බාලක) මීටර 49.50 (මාතර රාහුල විදුහල)

 

(වයස 18න් පහළ)

දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ප්‍රදානය කෙරෙන දමයන්ති දර්ශා කුසලාන:- ඩී.එස්.ඒ. හන්සිකා- දුර පැනීම. (බාලිකා):- මීටර 5.68 (අඹගමුව මැදි විදුහල)

දක්ෂතම ක්‍රීඩකයා: සඳහා ප්‍රදානය කෙරෙන එන් වෛරවනාදන් කුසලාන:- කේ.එල්.ඒ. අකලංක- මීටර 400 කඩුලු (බාලක) - තත්පර 52.66 නව වාර්තාවකි. (අඹගමුව මැදි විදුහල

 

වයස 20න් පහළ

දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ප්‍රදානය කෙරෙන දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස කුසලාන:- එච්.එම්.එන්. හේරත් - දුර පැනීම (බාලිකා) - මීටර 6.06 (බිබිල නන්නපුරව මහ විදුහල)

දක්ෂතම ක්‍රීඩකයාට ප්‍රදානය කෙරෙන ‘ස්ටැන්ලි තාබෲ’ කුසලාන:- මලිත් යසිරු-තුන් පිම්ම- මීටර 15.89 නව වාර්තාවකි. (කහවත්ත මැදි විදුහල)

 

(වයස 23න් පහළ)

දක්ෂතම ක්‍රීඩිකාවට ප්‍රදානය කෙරෙන මලල ක්‍රීඩා සභාපති කුසලාන:- එස්.බී.එස්.එල්. දිසානායක-මීටර 100 (බාලිකා)- තත්පර 14.51- නව වාර්තාවකි. (මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල)

දක්ෂතම ක්‍රීඩකයාට ප්‍රදානය කෙරෙන මලල ක්‍රීඩා සභාපති කුසලාන:- කේ.එම්.ඩී. දර්ශන මීටර 400- (බාලක) කඩුලු තත්ත්පර 51.24- නව වාර්තාවකි (ශ්‍රී ලක් ක්‍රීඩා සමාජය)

 

(නව තරග වාර්තා)

(බාලක)

මීටර 200- වයස 23න් පහළ:- තත්පර 21.65- අයි.කේ.බී. අබේවර්ධන (යුද හමුදාව)
මීටර 400- වයස 23න් පහළ:- තත්පර 47.06 – එච්.ඩී.ආර්. මධුෂාන් (යුද හමුදාව)
මීටර 400 කඩුලු:- වයස 23න් පහළ:- තත්පර 51.24) කේ.එම්.ඩී. දර්ශන (ශ්‍රී ලක්)
කවපෙත්ත විසි කිරීම- වයස 23න් පහළ:- මීටර 43.61 සුසෙන්ති කුමාර් මිතුන්රාජ් (යාපනය හාර්ට්ලි විදුහල)
මීටර 100- වයස 20න් පහළ:- තත්පර 10.77 සුමිල තේමිය කුමාර (කෑගල්ල පන්නල මැදි විදුහල)
තුන් පිම්ම-වයස 20න් පහළ:- මීටර 15.89-මලික් යසිරු (කහවත්ත මැදි විදුහල)
මීටර 400- කඩුලු- වයස 18න් පහළ- තත්පර 52.66 කේ.එල්.ඒ. අකලංක (අඹගමුව මැදි විදුහල)
රිටි පැනීම- වයස 18න් පහළ:- මීටර 4.50- තුෂේන් සිල්වා (මීගමුව මාරිස්ටෙලා විදුහල)
මිටිය විසි කිරීම:- වයස 18න් පහළ :- මීටර 35.19- විමලදාස් නිතර්ෂන් (යාපනය හාර්ට්ලි විදුහල)

මීටර 300- කඩුලු - වයස 16න් පහළ- තත්පර 40.31 යූ.එම්.ඒ. සන්දීප (අඹගමුව මැදි විදුහල)
උස පැනීම- වයස 16න් පහළ- මීටර 1.94- තරුෂ මෙන්ඩිස් (වත්තල ලයිසියම් විදුහල)

 

(බාලිකා)

මීටර 100 – කඩුලු - වයස 23න් පහළ තත්පර 14.51 එස්.බී.එස්.එල්. දිසානායක (මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල)
මිටිය විසි කිරීම- වයස 23න් පහළ- මීටර 40.00- නිතින්ෂා මන්දානි (මාතර යටියන මහ විදුහල)
මීටර 100 – කඩුලු - වයස 20න් පහළ – තත්පර 14.45 එස්.ඩී. කහන්ගම (මහනුවර මහාමායා බාලිකා විදුහල)
මිටිය විසි කිරීම- වයස 18න් පහළ- මීටර 36.79 යුතාරා ලිදුලී ජයවීර (නුගේගොඩ අනුලා විදුහල)
මීටර 100 වයස 16න් පහළ- තත්පර 12.58 ධනංජනා ප්‍රනාන්දු (වත්තල ලයිසියම් විදුහල)
මීටර 300- කඩුලු - වයස 16න් පහළ- තත්පර 46.44 එච්.එම්.එන්.එස්. සෙනවිරත්න (මහනුවර මහාමායා බාලිකා විදුහල)


අදහස් (0)

පොදුරද මඬුලු යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩකයෝ 6ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.