Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තිවංකගේ උස – මී 2.20යි

තිවංකගේ උස – මී 2.20යි

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස පැනීම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන උෂාන් තිවංක පෙරේරා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී ඊයේ (7) පැවැති ලෝන් ස්ටාර් කොන්ෆරන්ස් (විශ්වවිද්‍යාල) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 2.20ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තේය.

ඇමෙරිකාවේ වෙසෙමින් මේ වන විට පුහුණුවීම් හදාරමින් සිටින උෂාන් තිවංක වසර 2021 මැයි 21 වැනිදා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගිය වසරේ පැවැති (2021) මෙම තරගාවලියේදී මීටර් 2.30කට උස පැනීම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාව පළමු වතාවට හිමි කරගැනීමට සමත් විය.

කෙසේ වුවත් පෙරේදා තරගාවලියේදී ඔහුගේ දක්ෂතා අවම මට්ටමකට පැමිණ තිබෙන්නේ ඇමෙරිකාවේදීම ඔහු පසුගිය වසරක කාලයක් තුළදී මීටර් 2.27ක දක්ෂතා දෙකක් ද මීටර් 2.28 එක් දක්ෂතාවක් ද පළ කිරීමට සමත් වීම තුළිනි.

ශ්‍රී ලංකාවෙන් එළඹෙන (2022) ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් නොලත් නාමලේඛනය යටතේ නිර්දේශ ලබාගැනීමේ වැඩිම අවස්ථාවක් සලසාගෙන සිටින ක්‍රීඩකයන් කිහිපදෙනා අතර උෂාන් තිවංක ඉදිරියෙන්ම පසු වේ.

- 223


අදහස් (0)

තිවංකගේ උස – මී 2.20යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.