Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ටෂ්කන්ට් නුවරට පිම්මක්

ටෂ්කන්ට් නුවරට පිම්මක්

editorial - 2023 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී ඊයේ (21) ආරම්භ වූ ආසියානු මලල ක්‍රීඩා යොවුන් ශූරතා තරග සුදුසුකම් තේරීම් තරගාවලියේදී ක්‍රීඩකයන් සිව් දෙනෙකු උස්බෙකිස්ථානයේදී පැවැත්වෙන ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා නිර්දේශ ලබා ගැනීමට සමත් වූහ. ඉන් දෙදෙනෙක්ම උසපැනීමේ ශූරයෝ වෙති.

උස්බෙකිස්ථානයේ ‘ටෂ්කන්ට්’ නුවරදී ලබන අප්‍රේල් 20 සිට 23 වැනිදා දක්වා පස්වෙනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ. රටවල් 35ක් තරග වදින මෙහි 2021ට නියමිතව තිබූ සිව් වැනි තරගාවලිය පසුගිය වසරේ (2022) ඔක්තෝබර් මාසයේ  කුවේට් රාජ්‍යයේදී පැවැත්වූයේ කල් දැමීමකින් පසුවයි.

එහිදී ශ්‍රී ලංකාව මීටර 400 (බාලක) ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, උස පැනීම (බාලක) ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, මීටර 200 (බාලිකා)ඉසව්වෙන් රිදී පදක්කමක්ද පරිදි පදක්කම් පහක් දිනා ගත්තේය.

2015 දී මෙම තරගාවලිය ආරම්භයෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා එක් රන් පදක්කමක්, රිදී පදක්කම් නවයක් හා ලෝකඩ පදක්කම් හතරක් සහිතව මුළු පදක්කම් 14ක් දිනා තිබේ.

වයස 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ ලබන  දියගම තේරීම් තරගාවලිය අදත් (22) පැවැත්වේ.

කෙසේ වුවත් ටෂ්කන්ට් තරගාවලිය සඳහා  ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුට සීමාවනු ඇතැයිද වාර්තාවේ.

පස්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනාගේ ඊයේ (21) තේරීම් තරගාවලියේ දක්ෂතා

• මීටර 400 කඩුලු (බාලක):-කේ.එල්. අයොමාල් අකලංක (අඹගමුව මධ්‍ය මහ විදුහල- තත්පර 52-18)

• උස පැනීම (බාලක):- ජී.එල්. ආතාවිදූ (බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහල - මීටර 2.00) හා නිලුපුල් පැහැසර තේනුජ (දික්වැල්ල විජිත මැදි විදුහල- මීටර 2.00)

• රිටි පැනීම (බාලක):- මලින්දරත්න සිල්වා (මීගමුව මාරිස්ටෙලා විදුහල - මීටර 4.65)


අදහස් (0)

ටෂ්කන්ට් නුවරට පිම්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.