Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 නුවන් ප්‍රදීප් පන්දු යැවීම අරඹයි

නුවන් ප්‍රදීප් පන්දු යැවීම අරඹයි

editorial - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...)

එංගලන්තයේදී දැන් පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණුවීම් අතරතුරදී තුවාල ලැබූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද (13) පන්දු යැවීම නැවත ආරම්භ කළේය. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා පිල ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පුහුණු සැසිය පැවැත්විණ. 

පුහුණුවීම් කිරීමේදී ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් දින තුනකට පසුව නැවත පන්දු යැවීම ආරම්භ කළ අතර හෙට (14) පැවැත්වීමට නියමිත පුහුණු සැසියේදී පන්දු රැකීම නැවත ආරම්භ කිරීමට නියමිතය.

නුවන් ප්‍රදීප් ඊයේ පැවසුවේ තමන්ට පන්දු යැවීමේ ප්‍රශ්නයක් නොමැති බවත් පන්දු රැකීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවිය හැකි බවයි. කෙසේ වෙතත් ඔහු තව දුරටත් ඇඟිල්ල ආවරණය කරගෙන සිටියි.

නුවන් ප්‍රදීප් ආබාධය සහ කණ්ඩායමේ සූදානම පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  

“ආබාධ තරමක් සුව අතට පත්වෙලා තියෙන්නෙ. අදයි පළමුවෙන්ම පුහුණුවීම් කළේ. පන්දු යැවීමේදී නම් කිසිඳු ආබාධයක් ඇති නොවෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. වර්ෂාව හේතුවෙන් පන්දු රැකීම කරන්න නොහැකි වුණා. හෙට පන්දු රැකීම කරලා තමයි ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගයට ක්‍රීඩා කරනවද නැද්ද කියලා තිරණය කරන්න වෙන්නේ”

“ඇෆ්ගනිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ අපි හොඳ සුදානමකින් සහ හොඳ මානසික තත්ත්වයක ඉන්නවා. ඕස්ටේ්‍රලියාවට එරෙහිව අපි උපරිමයෙන් ක්‍රීඩා කළහොත් ජයග්‍රහණය කරන්න පු`ඵවන් කියලා මම හිතනවා” යැයි ප්‍රදීප් වැඩි දුරටත් පැවසීය. 

බංග්ලාදේශයට එරෙහිව තරගයට පෙර බි්‍රස්ටල්හිදී පසුගිය 9 වැනිදා පැවැති පුහුණු සැසියේදී ප්‍රදීප් තුවාල ලැබූ අතර එහිදී කුසල් ජනිත් ගැසූ වේගවත් පහරකින් ගැලවීමට යෑමේදී ප්‍රදීප්ගේ දකුණු අතේ සුළගිල්ල තුවාල විය. පසුව රෝහල්ගත කර කළ පරීක්‍ෂාවලින් පසුව ප්‍රදීප්ට සතියක පමණ කාලයකින් නැවත ක්‍රීඩා කළ හැකි බව ප්‍රකාශ කර තිබුණි. 

ප්‍රදීප් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේදී කඩුලු හතරක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකරගත්තේය.   

සිය නැන්දණියගේ අවමංගල්‍යයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ලසිත් මාලිංග නැවත ලන්ඩන් නුවරට හෙට (14) පැමිණෙන බව ශ්‍රී ලංකා පිලේ වේග පන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසීය. 

ලන්ඩන් නුවරට දින කීපයක සිට වර්ෂාව පතිත වන අතර ඊයේ පෙරවරුවේ ද වර්ෂාව ඇද හැලුණු අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසිය පැයක පමණ කාලයකට සීමා කිරීමට සිදුවිය. ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී මේ දක්වා තරග හතරක් පැවැති අතර එම කිසිදු තරගයකට වර්ෂාව හරස් නොවීය.

ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී අනිද්දා පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

නුවන් ප්‍රදීප් පන්දු යැවීම අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.