Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඕස්ට්‍රේලියාවට ලකුණු 48 ක ජයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 48 ක ජයක්

editorial - 2019 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - ශානුක අරවින්ද)

බංග්ලාදේශය පරදවා ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙයි. තරගයේ වීරයා ඩේවිඩ් වෝනර්.

මෙම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ලකුණු 333 එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය.

මෙම ජයග්‍රහණයත් සමග සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දමාගත් ඕස්ට්‍රේලියාවට නැවතත් ලකුණු සටහනේ පෙරමුණ අත්කර ගැනීමට සමත් විය. ප්‍රසාද ලකුණු 5 ක් ලබා සිටින බංග්ලාදේශය තවදුරටත් ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැදී සිටියි.

----------------------------------------------------------------------------------------

ඕවර 50 කදී - බංග්ලාදේශය 333/8

නේදන් කූල්ටර් නයිල් යැවූ 45 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි පැට් කමින්ස් අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා රියාද් ලකුණු 69 කට දැවී ගියේය. පන්දු 50 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

එම ඕවරයේම ඊළඟ පන්දුවේදීම මහමදුල්ලාගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නව පිතිකරුවා වූ සබීර් රොහමාන්ගේ (0) කඩුල්ලද බිඳ දැමීමට කූල්ටර් නයිල් සමත් විය. පිට පිටම කඩුලු 2 ක් බිඳවැටීම හමුවේ බංග්ලාදේශ ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගයද අඩාල විය.

මිචෙල් ස්ටාක් යැවූ 49 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 6 කට දැවී ගියේය. එම ඕවරයේ අවසන් පන්දුවට එක් ලකුණක් ලබාගනිමින් මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 102) සිය 7 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය. පන්දු 95 කදී ලබාගත් එම ශතකය ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් අලංකාර කළේය.

මාකස් ස්ටොයිනිස් යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී ඩීප් මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ග්ලේන් මැක්ස්වෙල් අතට උඩ පන්දුවක් දෙමින් බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා ලකුණු 6 කට දැවී යයි.

----------------------------------------------------------------------------------------

රහීම් - මහමදුල්ලා ශතක සම්බන්ධතාවක

ඕවර 45 කදී - බංග්ලාදේශය 300/4

 

පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග සිය 21 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට මහමදුල්ලා රියාද් (නොදැවී 67) සමත් විය. එය බංග්ලාදෙශ පිතිකරුවකු ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසද සටහන් විය.

බංග්ලාදේශ ඉනිමේ 45 වැනි ඕවරය නිමාවන විට මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 83) සහ මහමදුල්ලා එක්ව පන්දු 94 කදී ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 125 කි. මෙම තරගයේදී බංග්ලාදෙශ පිතිකරුවන් රැස්කළ ලකුණු 300 එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදෙශ කණ්ඩායමක් ඕස්ටේ්‍රලියාවට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.  

ඇඩම් සම්පා යැවූ 42 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සමගින් තනිවම ලකුණු 15 ක් රැස්කළ මහමදුල්ලා, රහීම් සමග එක්ව පැට් කමින්ස් යැවූ 43 වැනි ඕවරයේදී ලකුණු 13 ක්ද, නේදන් කූල්ටර් නයිල් යැවූ 44 වැනි ඕවරයේදී ලකුණු 12 ක්ද රැස්කිරීමට සමත් විය.

----------------------------------------------------------------------------------------

රහීම් අර්ධ ශතකයක් ලබාගනී

ඕවර 40 කදී - බංග්ලාදේශය 245/4 

පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග සිය 34 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 75) සමත් විය.  

බංග්ලාදේශ ඉනිමේ 31 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු 68 ක් රැස්කිරීමට රහීම් සහ මහමදුල්ලා රියාද් (නොදැවී 28) සමත් වූහ. 

ඉනිමේ 40 වැනි ඕවරය නිමාවන විට පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව පන්දු 64 කදී ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 70 කි. 

----------------------------------------------------------------------------------------

ලිටන් දාස්ගේ ඉනිම නිමාවෙයි

ඕවර 30 කදී - බංග්ලාදේශය 177/4 

ඇඩම් සම්පා යැවූ 30 වැනි ඕවරයේ තෙවැනි පන්දුව හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලිටන් දාස් ලකුණු 20 කට දැවී ගියේය. පන්දු 17 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම පහර 3 කින් සමන්විත විය. 

දැවී යෑමට පෙර මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 35) සමග එක්ව පැට් කමින්ස් යැවූ 28 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක් රැස්කිරීමටද දාස් සමත් විය. 

----------------------------------------------------------------------------------------

ටමීම්ගේ කඩුල්ල ස්ටාක් බිඳ දමයි 

ඕවර 25 කදී - බංග්ලාදේශය 146/3 

මිචෙල් ස්ටාක් යැවූ 25 වැනි ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ දැවටීම හේතුවෙන් ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ලකුණු 62 කට දැවී ගියේය. පන්දු 74 කදී වාර්තා වූ ඔහුගේ 47 වැනි එක්දින ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. 

ටමීම්ගේ දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා ලිටන් දාස්  පිටියට පිවිසි අතර මුහුණදුන් පළමු පන්දුවම හිසේ වැදීම නිසා ඔහුට හිස් ආවරණය මාරු කිරීමට පවා සිදුවිය. 

----------------------------------------------------------------------------------------

සකීබ් ලකුණු 41 කට දැවී යයි 

ඕවර 20 කදී - බංග්ලාදේශය 112/2 

මාකස් ස්ටොයිනිස් යැවූ 19 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මිඞ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඬේවිඞ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් සකීබ් අල් හසන් ලකුණු 41 කට දැවී ගියේය. පිටියෙන් ඉවත්ව යන විට පන්දු 41 කට මුහුණදී සිටි සකීබ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ. 

සකීබ්ගේ දැවී යෑමත් සමග ඔහු සහ ටමීම් ඉල්බාල් (නොදැවී 45) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ගොඩනගා තිබූ ලකුණු 79 ක සම්බන්ධතාවද නිමාවට පත් විය. ග්ලේන් මැක්ස්වෙල් යැවූ 13 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස්කිරීමටද සකීබ් සහ ටමීම් සමත් වූහ. 

----------------------------------------------------------------------------------------

සෞම්‍ය සාකර් දුවද්දී දැවී යයි

ඕවර 10 කදී - බංග්ලාදේශය 53/1 

පන්දු 8 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක් ලබා සිටි ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට නායක ඒරන් ෆින්ච් සමත් විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ටමීම් ඉක්බාල් (නොදැවී 23) සමග එක් වූ සකීබ් අල් හසන් (නොදැවී 13) මුල් ඕවර 10 නිමාවන විට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 30 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගුවේය. 

නේදන් කූල්ටර් නයිල් යැවූ 8 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී සකීබ් කඩුල්ල මුවා කළේ යැයි ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් ඉල්ලීමක් කළඳ ප්‍රධාන විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රම වේදයට යොමු කිරීමට නායක ෆින්ච් කටයුතු කළ නමුත් තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණයට එකඟ වීම නිසා සකීබ්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. 

----------------------------------------------------------------------------------------

බංග්ලාදේශයට ලකුණු 382 ක ඉලක්කයක්

ඕවර 50 කදී - ඕස්ට්‍රේලියාව 381/5 

පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහ 2 ක් සමග වේගවත් ලකුණු 32 ක් රැස්කළ ග්ලේන් මැක්ස්වෙල්, 46 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට රුබෙල් හුසේන් සමත් විය. ඔහුගේ දැවී යෑමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වීම ආරම්භ විය. 

මැක්ස්වෙල්ගේ දැවී යෑමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ අවසන් පන්දු 22 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 28 ක් පමණි. ඔහුගේ කඩුල්ලත් සමගින් අවසන් ඕවර 5 තුළදී කඩුලු 3 ක් දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. 

සෞම්‍ය සාකර් යැවූ 46 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් හතරේ පහර 10 ක් සමග ලකුණු 89 ක් ලබා සිටි උස්මාන් කවාජා දැවී ගිය අතර 47 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ස්ටීවන් ස්මිත් (1) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මුස්ෆිසුර් රෙහෙමාන් සමත් විය. 

----------------------------------------------------------------------------------------

වෝනර් දැවී යයි

ඕවර 45 කදී - ඕස්ට්‍රේලියාව 321/2 

සෞම්‍ය සාකර් යැවූ 45 වැනි ඕවරයේ දෙවැනි  පන්දුවේදී ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු  රකිමින් සිටි රුබෙල් හුසේන් අතට උඩ පන්දුවක්  දෙමින් ඬේවිඞ් වෝනර් ලකුණු 166 කට දැවී  ගියේය. පන්දු 147 කට මුහුණදුන් වෝනර් හයේ  පහර 5 කින් සහ හතරේ පහර 14 කින් සිය ඉනිම  අලංකාර කළේය. 

වෝනර්ගේ දැවී යෑමත් සමග ඔහු සහ උස්මාන් කවාජා (නොදැවී 84) එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ගොඩනැගූ ලකුණු 192 ක සම්බන්ධතාවද නිමාවට පත් විය. කෙසේ වුවත් 41 වැනි ඕවරයේ සිට 45 වැනි ඕවරය දක්වා ඕවර 5 තුළ ලකුණු 71 ක් රැස්කිරීමට වෝනර් සහ කවජා සමත් වූහ. 

එම ඕවර 5 තුළ ක්‍රියාත්මක වූ සෑම ඕවරයකදීම ලකුණු 10 කට වැඩියෙන් රැස්කිරීමට වෝනර් සහ කවජා සමත් වූ අතර මුස්තෆිසුර් රෙහෙමාන් යැවූ 42 වැනි ඕවරයේදී හතරේ පහර 4 ක් සමගින් තනිවම ලකුණු 19 ක් රැස්කිරීමට කවාජා සමත් විය. 

මෙම තරගයේදී ලබාගත් ශතකයත් සමග ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් මුළු ලකුණු 447 ක් ලබා මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමටද වෝනර් සමත් විය. ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් (396) සහ සකීබ් අල් හසන් (384) එම ලැස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

----------------------------------------------------------------------------------------

කවාජා අර්ධ ශතකයක් ලබාගනී

ඕවර 40 කදී - ඕස්ට්‍රේලියාව 250/1  

පන්දු 50 කදී හතරේ පහර 4 ක් සමග උස්මාන් කවාජා (නොදැවී 54) සිය 11 එක්දින අර්ධ ශතකය  ලබාගත්තේය. කවාජා සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 133) එක්ව 40 වැනි ඕවරය නිමාවන විට  දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 129 කි. 

රුබෙල් හුසේන් යැවූ 38 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක් රැස්කළ වෝනර් සහ කවාජා, 40 වැනි ඕවරයේදී හයේ පහරක් සමග ලකුණු 13 ක් රැස්කිරීමටද සමත් වූහ. 

----------------------------------------------------------------------------------------

වෝනර් දෙවැනි ශතකය ලබාගනී

ඕවර 35 කදී - ඕස්ට්‍රේලියාව 208/1 

පන්දු 110 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර  7  ක් සමග ඬේවිඞ් වෝනර් සිය 16 එක්දින  ශතකය ලබාගත් අතර එය මෙවර ලෝක  කුසලාන  තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි  ශතකය ලෙසද සටහන් විය. මින් පෙර  පකිස්තානයට එරෙහිව පැවැති තරගයේදීද  වෝනර්  ශතකයක් ලබාගත්තේය. 

ඒ අනුව මෙතෙක් සහභාගි වී ඇති තරග 6 දී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 379 ක් ලබා සිටින වෝනර් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. එම ලැයිස්තුවේ පෙරමුණේ රැදී සිටින ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් (396) පසුකර යෑම සඳහා වෝනර්ට තවත් ලකුණු 17 ක් අවශ්‍යව තිබේ. 

ඉනිමේ 35 වැනි ඕවරය නිමාවන විට වෝනර් සහ උස්මාන් කවාජා (නොදැවී 40) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 87 කි. 

----------------------------------------------------------------------------------------

වෝනර් - කවාජා සෙමින් ගමනක

 ඕවර 30 කදී - ඕස්ට්‍රේලියාව 168/1 

ඕස්ට්‍රේලියානු ඉනිමේ 22 වැනි ඕවරයේ සිට 30  වැනි ඕවරය දක්වා ඕවර 8 තුළ ලකුණු 47 ක්  රැස්කිරීමට ඬේවිඞ් වෝනර් (නොදැවී 89) සහ  උස්මාන් කවාජා (19) සමත් වූ අතර එහිදී  කඩුල්ලක් දවාගැනීමට බංග්ලාදේශ පන්දු  යවන්නෝ අසමත් වූහ. 

සෞමය සාකර් යැවූ 29 වැනි ඕවරයේදී හතරෙ  පහර 2 ක් සමග ලකුණු 12 ක් රැස්කිරීමටද  වෝනර් සහ කවාජා සමත් වූ අතර ඉනිමේ 30 වැනි ඕවරය නිමාව වට විට ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 47 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගා සිටියහ. 

----------------------------------------------------------------------------------------

ඒරන් ෆින්ච් දැවී යයි

ඕවර 21 කදී - ඕස්ට්‍රේලියාව 121/1

සෞම්‍ය සාකර් යැවූ 21 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි රුබෙල් හුසේන් අතට උඩ පන්දුවක් දෙමින් නායක ඒරන් ෆින්ච් ලකුණු 53 කට දැවී ගියේය. පන්දු 51 කදී වාර්තා වූ ඔහුගේ 23 වැනි එක්දින අර්ශ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

ෆින්ච්ගේ දැවී යෑමත් සමග ඔහු සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 62) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ගොඩනැගූ ලකුණු 121 ක අගනා සම්බන්ධතාවද නිමාවට පත් විය. 

මෙහෙදි හසන් යැවූ 16 වැනි ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දු දෙකේදී පිළිවෙලින් ඩීප් ස්කුවෙයාර් ලෙග් සහ ඩීප් මිඞ් විකට් කලාප හරහා පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීමටද ෆින්ච්  සමත් විය.

----------------------------------------------------------------------------------------

වෝනර් අර්ධ ශතකයක් ලබාගනී

ඕවර 15 කදී - ඕස්ට්‍රේලියාව 86/0 

පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ඬේවිඞ් වෝනර් (නොදැවී 50) සිය 20 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. සකීබ් අල් හසන් යැවූ 14 වැනි ඕවරයේ පළමු පන්දු දෙකේදී පිළිවෙලින් කවර් සහ ඩීප් මිඞ් විකට් කළාප හරහා පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කිරීමටද වෝනර් සමත් විය.

ඉනිමේ 15 වැනි ඕවරය නිමාවන විට නායක ඒරන් ෆින්ච් (නොදැවී 33) සහ වෝනර් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 86 කි. 

තමාද සමගින් මුල් ඕවර 15 තුළදී පන්දු යවන්නන් 5 දෙනකුගේ සේවය ලබාගැනීමට බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා කටයුතු කළද ඔවුන් කිසිවකුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.  

----------------------------------------------------------------------------------------

ඕස්ට්‍රේලියාවෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 කදී - ඕස්ට්‍රේලියාව 53/0 

මුල් ඕවර 10 නිමාවන විට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඒරන් ෆින්ච් (නොදැවී 24) සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 26) සමත් වූහ. සකීබ් අල් හසන් යැවූ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ෆින්ච් ලකුණු 50 සම්බන්ධතාව සම්පූර්ණ කළේය.

මෂ්රෆී මොටාසා යැවූ 7 වැනි ඕවරයේ සිවු වැනි පන්දුව මිඞ් ඕෆ් කළාපය හරහා හතරේ සීමාව වෙත යැවූ ඬේවිඞ් වෝනර්, මුස්තෆිසුර් රෙහෙමාන් යැවූ 8 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යැවීය. 

----------------------------------------------------------------------------------------

ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ආරක්ෂාකාරී පිතිහරඹයක 

ඕවර 5 කදී - ඕස්ට්‍රේලියාව 27/0 

 ඕවර 5 පුරා ප්‍රවේශම් සහගත පිතිහරඹයක නිතර වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දුර්වල පන්දු හමුවේ පමණක් පහර එල්ල කරමින් ලකුණු ලබාගත්හ. එහිදී ඒරන් ෆින්ච් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 13 ක්ද, ඬේවිඞ් වෝනර් හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද රැස්කළහ. 

මෂ්රෆී මොටාසා යැවූ පස්වැනි ඕවරයේදී අවසන් ඕවරයේදී ලකුණු 10 ක් ලබා සිටි ඬේවිඞ් වෝනර් ලබාදුන් උඩ පන්දුවක් පොයින්ට්හි පන්දු රකිමින් සිටි සබීර් රෙහමාන් අතින් ගිළිහි ගිය අතර එය මුල් ඕවර 5 තුළදී බංග්ලාදේශයට කඩුල්ලක් දවාගැනීමට තිබුණ එකම අවස්ථාවද විය. 

---------------------------------------------------------------------------------------------------

ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීම තෝරා ගනී  


 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර නොටින්හැම්හිදී අද (20 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශ කණ්ඩායම
මෂ්රෆී මොර්ටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, ලිටන් දාස්,  මහමුදුල්ලා, සබීර් රහ්මන්, මෙහෙදි හසන්, රුබෙල් හුසේන්, මුස්ටෆීසූර් රහ්මන්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ඒරන් ෆින්ෆ් (නායක), ඬේවිඞ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරී, නේතන් කූල්ටර්නයිල්, පැටි්‍රක් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩස් සම්පා.


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 48 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.