Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

editorial - 2019 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දොළොස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී හෙට (04) පැවැත්වේ. දිවා තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් දෙකම පළමු තරගය පරාජය වීම නිසා මෙම තරගය දෙපිලටම වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 10 කින් ද, ඇෆ්ගනිස්තානය පළමු තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 7 කින් ද, පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් එක්දින තරගය ආසියානු කුසලාන තරගාවලිය යටතේ පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මස 17 වැනිදා අබුඩාබිහි ශික් ශයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 91 කින් ජය ලැබීය.

මෙම පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ගනිස්තානය හමුවේ ලැබූ පළමු සහ එකම එක්දින පරාජය වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මේ දක්වා එක්දින තරග තුනක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ලබා තිබේ.  

ඇෆ්ගනිස්තානයට එරෙහිව ආසියානු කුසලාන තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ 11 දෙනාගෙන් කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයන් හය දෙනා ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටිති. එම තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ දක්‍ෂතම පිට දඟ පන්දු යවන්නා වූ අකිල ධනංජය ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව නැත.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් (205) සහ ලසිත් මාලිංග (219) එක්දින තරග 200 ඉක්මවා සහභාගි වී ඇති අතර තිසර පෙරේරා (155) සහ ළහිරු තිරිමාන්න (119) තරග 100 ඉක්මවා ද සහභාගි වී තිබේ. තවත් ක්‍රීඩකයන් සිවුදෙනකු තරග 50 ඉක්මවා සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා පිල අත්දැකීම් අතින් ඇෆ්ගනිස්තානයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිය ද පසුගිය කාලය පුරා දිගින් දිගටම ලැබූ තරග පරාජයන් සහ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්‍ෂතා බිඳ වැටී හේතුවෙන් ද ශ්‍රී ලංකා පිල මානසිකව ද කඩා වැටීමට ලක්ව තිබෙන බවක් මේ වන විට පෙන්නුම් කරන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

- 048


අදහස් (0)

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.