Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 මාලිංග හදිසියේම ගෙදර එයි

මාලිංග හදිසියේම ගෙදර එයි

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග අද (11 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් පසු හදිසියේම නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත්විය. මාලිංගගේ නැන්දණියගේ අභාවය වෙනුවෙන් ඔහු ආපසු එයි.

මාලිංගගේ නැන්දණිය වන කාන්ති පෙරේරා මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඇයගේ අවසන් කටයුතු වලට සහභාගි වීමෙන් පසුව මාලිංග නැවතත් එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ තරගයට සහභාගි වීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයකින් කියැවේ.

ශ්‍රී ලංකා පිලේ මීළඟ ලෝක කුසලාන තරගය ජූනි මස 15 වැනිදා ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වේ.

..


අදහස් (0)

මාලිංග හදිසියේම ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.