Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 දකුණු අප්‍රිකා - කොදෙව් තරගය වැස්සට සේදෙයි

දකුණු අප්‍රිකා - කොදෙව් තරගය වැස්සට සේදෙයි

editorial - 2019 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස දකුණු අපිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඕවර 7.3 ක් අවසානයේ වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. ඒ විට පන්දුවට පහරදෙමින් සිටි දකුණු අපිකාව කඩුලු 2 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට හෂීම් අම්ලා (6) සහ ඒඞ්න් මාක්‍රම් (5) පිටියෙන් ඉවත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශෙල්ඩන් කොටේ‍රල් සමත් විය. තරගය නතර කරන විට ක්වින්ටින් ඩි’කොක් ලකුණු 17 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු ලබා සිටියේ නැත.

 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකා - කොදෙව් තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.