Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

editorial - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 50 යි - ඕස්ට්‍රේලියාව 316
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් පමණි.

ඇලෙක්ස් කේරී පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 5  ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට  සමත්විය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 40 යි - ඕස්ට්‍රේලියාව 238/5

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 40 ක් නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 238 ක් රැස්කර සිටියේය.

 40 වැනි ඕවරයේදී ස්ටීවන් ස්මිත් සහ මාකස් ස්ටොයිනිස් දවාගනිමින් තරගයේ වැඩි වාසී ඉන්දියාවට ලබාදීමට බුවනේෂ්වර් කුමාර් සමත්විය.

 

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 30 යි - ඕස්ට්‍රේලියාව 155/2
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 30 ක් නිමාවේදී කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය.

පන්දු 77 කදී සිය 19 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් වෝනර් ලකුණු 56 ක් රැස්කර සිටියදී දීපක් චහල්ගේ පන්දුවක් හමුවේ බුවනේෂ්වර් කුමාර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.  ස්ටීවන් ස්මිත් සමගින් එක්ව  දෙවැනි කඩුල්ල සදහා ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද වෝනර් සමත්විය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 20 යි - ඕස්ට්‍රේලියාව 99/1
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුල්ලක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය.

ඩේවිඩ් වෝනර් ලකුණු 45 ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

ලකුණු36 ක් රැස්කර සිටියදී ඒරන් ෆින්ච් ලකුණු 36 කට දවාගැනීමට කේදර් ජාදව් සහ හර්දික් පාණ්ඩ්‍ය සමත්වූහ.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 10 යි - ඕස්ට්‍රේලියාව 48/0
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 10 ක් නිමාවේදී කිසිවකු නොදැවී ලකුණු 48 ක් ලබා සිටියේය.

ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් වෝනර් මනාව පාලනය කරගත් හෙයින් 9 වැනි ඕවරය නිමාවේදී ඕස්ට්‍රේලියානුවන් ලබා සිටියේ ලකුණු 29 ක් පමණි. එහෙත්  ඊළඟ ඕවරයේදී හර්දික් පාණ්ඩ්‍යාට හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සංග්‍රහ කළ ඒරන් ෆින්ච් ලකුණු 19ක් උදුරා ගත්තේය.

මෙම තරගය ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක වාර්තාගත ලකුණු හඹා යාමක යෙදීමට සිදුව තිබේ.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 2 යි - ඕස්ට්‍රේලියාව 08/0

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 2 ක් නිමාවේදී ලකුණු 8 ක් ලබා සිටියේය.

මෙම තරගය ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක වාර්තාගත ලකුණු හඹා යාමක යෙදීමට සිදුව තිබේ.

■    ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියානුවන් විසින් ඉන්දීය පිතිකරුවන්ට තිළිණ කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.
■    ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලෝක කුසලාන තරගයකදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 329 කි.
■    ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලන්ඩන් ඕවල් පිටියේදී සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව 322 කි.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 352 ක් ලබා ගත්තේය.

ෂිකාර් ධවාන්ගේ ප්‍රවේගකාරී ඉනිම ලකුණු 117 දී නතර වූවත් නායක විරාට් කෝලි එතැන් සිට ඕස්ට්‍රේලියානුවන්ට දඬුවම් දීම ආරම්භ කළේය. පන්දු 77 ක් පුරා ඕස්ට්‍රේලියානුවන්ට රිදවූ ඉන්දීය නායකයා එක්දින තරග වලදී ලබාගත් 50 වැනි අර්ධ ශතකය එය විය. තරගය නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී පිටියේ සීමාව සොයන්නට ගිය විරාට් කෝලි පැටි කමින්ස් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 82 කට දැවී ගියේය.

ලකුණු 352 ක් කරා යාමට ඉන්දියානුවන්ට මාවත විවර කර දුන් හර්දික් පාණ්ඩ්‍යා පන්දු 27 කදී ලබාගත් ලකුණු 48 ට අලංකාර හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

-----------------------------------------------------------------------------------------------------------------------------
ඕවර 42 - ඉන්දියාව 257/2

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ 42 වැනි ඕවරය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 257 ක් ලබා සිටියේය.

ෂිකාර් ධවාන්ගේ ප්‍රවේගකාරී ඉනිම ලකුණු 117 දී නතර වූවත් නායක විරාට් කෝලි එතැන් සිට ඕස්ට්‍රේලියානුවන්ට දඬුවම් දීම ආරම්භ කළේය. පන්දු 60 කදී නොදැවී ලකුණු 57 ක් ලබා සිටි විරාට් කෝලි එක්දින තරග වලදී ලබාගත් 50 වැනි අර්ධ ශතකය එය විය.

ධවාන් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යා පන්දු 13 කින් ලකුණු 20 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 35 - ඉන්දියාව 206/1
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ 35 වැනි ඕවරය අවසන් වන විට ඉන්දීය පිල කඩුල්ලක් දැවී ලකුණු 206 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 57 කට දැවී ගිය නමුත් ෂිකාර් ධවාන් (නොදැවී 112) අලංකාර ශතකයක් ලබාගත්තේය. මෙය ෂිකාර් ධවාන් ලෝක කුෂලාන තරගයකදී ලබාගත් තුන්වැනි ශතකය වන අතර ඒ වෙනුවෙන පන්දු 94 ක් වැයවී තිබිණ.

විරාට් කෝලි නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය.

-----------------------------------------------------------------------------------------------------------------------------
ඕවර 25 - ඉන්දියාව 136/1
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ 25 වැනි ඕවරය අවසන් වන විට ඉන්දීය පිල කඩුල්ලක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 57 කට දැවී ගිය අතර ෂිකාර් ධවාන් (නොදැවී 73) පළමු සිය ශතකය කරා පියමං කරමින් සිටී. රෝහිත් ෂර්මා වෙනුවට ඉන්දීය නායක විරාට් කෝලි පිටියට පැමිණ සිටී.


-----------------------------------------------------------------------------------------------------------------------------

ඉතිහාසය
21 වැනි සියවසේ පැවැති ලෝක කුසලාන තරග වලදී ඉන්දීය කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානුවන් පරාජය කර ඇත්තේ එකම වතාවකදී පමණි. ඒ ඉන්දියානුවන් ලෝක කුසලාන දිනාගත් 2011 දී මොහාලිහිදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදීය.
එදා රිකී පොන්ටිං ශතකයක් ලබාගත් නමුත් ඉන්දීය පිතිකරුවෝ ලකුණු 261 ක ඉලක්කය පහසුවෙන් හඹා ගියහ.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 20 - ඉන්දියාව 111/0

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ 20 වැනි ඕවරය අවසන් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මා (නොදැවී 46) සහ ෂිකාර් ධවාන් (නොදැවී 62) පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් සම්පූර්ණ කළහ. 

එය ෂිකාර් ධවාන්ගේ 28 වැනි එක්දින අර්ධ ශතකය වන අතර ඒ සඳහා පන්දු 53 ක් වැයවී තිබිණ. 

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 15 - ඉන්දියාව 75/0
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ 15 වැනි ඕවරය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 75 ක් ලබා සිටියේය. රෝහිත් ෂර්මා (නොදැවී 31) සහ ෂිකාර් ධවාන් (නොදැවී 41) පිටියේ රැඳී සිටිති.

-------------------------------------------------------------------------------------------------------------------------------
ඉතිහාසය
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා පැවැත්වී ඇති ලෝක කුසලාන තරග 11 න් තරග 8 ක් ම ඉන්දියාව පරාජය වී තිබේ. 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීද ඉන්දියාව පරදවා ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූවේය.
-----------------------------------------------------------------------------------------------------------------------------

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 
ඒරන් ෆින්ච් (නායක), ඬේවිඞ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරි, නේතන් කූල්ටර් නයිල්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක් සහ ඇඩම් සම්පා 

ඉන්දීය කණ්ඩායම 
විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, රෝහිත් ශර්මා, ලොකේෂ් රාහුල්, මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, හර්දීක් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චාහල් සහ ජස්ප්‍රීට් බුම්රා 

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.