Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඇෆ්ගනිස්තානය පෙරළියකට සැරසෙයි

ඇෆ්ගනිස්තානය පෙරළියකට සැරසෙයි

editorial - 2019 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (24 වැනිදා) බ්‍රිස්ටල්හිදී පැවැති තරගය කඩුලු 3 කින් ජයගැනීමට ඇෆ්ඝනිස්තානය සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානය ඕවර 49.4 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටි හෂ්මතුල්ලා ශහිඩි පන්දු 102 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරතවූ හස්රතුල්ලා සසාල් ඇෆ්ගනිස්තානු පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

මොහොමඞ් ශෂාඞ් ලකුණු 23 ක්, රහ්මත් ෂා ලකුණු 32 ක්, සමිඋල්ලා ශින්වාරී ලකුණු 22 ක් සහ මොහොමඞ් නබී ලකුණු 34 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.

වහබ් රියාස් කඩුලු 3 ක් සහ ඉමාඞ් වසීම් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 47.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 262 ක් පමණි. ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරතවූ බාබර් අසාම් පන්දු 108 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 112 ක් රැස්කිරීමට සමත්විය.

ඉමාම් උල් හක් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් සහ ශොයිබ් මලික් පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් පාකිස්තාන ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 103 ක සම්බන්ධතාවයක් පවත්වමින් පාකිස්තාන ඉනිම ගොඩනැගීමට බාබර් අසාම් සහ ශොයිබ් මලික් සමත්වූහ.

මොහොමඞ් නබී කඩුලු 3 ක් ද රෂීඞ් ඛාන් සහ දවලත් සඩ්‍රාන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මෙම තරගය පුහුණු තරගයක් බැවින් සංචිතයේ සියලුම ක්‍රීඩකයින්ට ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවූවද පන්දුවට පහරදීමට සහ පන්දු රැකීමට හැකිවූයේ ක්‍රීඩකයින් 11 දෙනෙකුට පමණි.


පාකිස්තානය - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී 262
(ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 112, ශොයිබ් මලික් 44, මොහොමඞ් නබී 46/3, රෂීඞ් ඛාන් 27/2, දවලත් සඩ්‍රාන් 37/2)

ඇෆ්ගනිස්තානය - ඕවර 49.4 කදී කඩුලු 7 ක් දැවී 263
(මොහොමඞ් ශෂාඞ් 23, හස්රතුල්ලා සසාල් 49, රහ්මත් ෂා 32, හෂ්මතුල්ලා ශහිඩි නොදැවී 74, සමිඋල්ලා ශින්වාරී 22, මොහොමඞ් නබී 34, වහබ් රියාස් 46/3, ඉමාඞ් වසීම් 29/2)

...


අදහස් (0)

ඇෆ්ගනිස්තානය පෙරළියකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.