Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක්

editorial - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................

එංගලන්තය පරදවා ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. තරගයේ වීරයා ලසිත් මාලිංග.

මෙම තරගයේදී දවාගත් කඩුලු 4 ත් සමග මාලිංග ලෝක කුසලාන තරග වලදී දවාගත් කඩුලු සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගියේය. එවන් දස්කමක් කළ සිවුවැනි පන්දු යවන්නා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයා බවටද මාලිංග පත් විය.

  • ග්ලේන් මැග්‍රාත් (ඕස්ට්‍රේලියාව) - 71
  • මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) - 68
  • වසීම් අක්‍රම් (පාකිස්තානය) - 55
  • ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) - 50

...................................................................................................................................

ඕවර 47 කදී - 212/10 

(බෙන් ස්ටෝක්ස් 82, නුවන් ප්‍රදීප් 10-1-38-1)

           

47 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දු පිළිගැනීමට බෙන් ස්ටෝක්ස් සූදානම්.

ප්‍රදීප්ගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්ගෙන්, තෙවැනි පන්දුවටද ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් මාක් වුඩ් ලකුණු නොළබා දැවී යයි.

...................................................................................................................................

ඕවර 46 කදී - 203/9

(බෙන් ස්ටෝක්ස් 73, මාක් වුඩ් 00, ඉසුරු උදාන 8-0-41-2)

           

උදානගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්ගෙන්, දෙවැනි පන්දුවටද ලෝන් ඕෆ් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

...................................................................................................................................

ඕවර 45 කදී - 188/9

(බෙන් ස්ටෝක්ස් 58, මාක් වුඩ් 00, ලසිත් මාලිංග 10-1-43-4)

           

මාලිංගගේ 10 වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 44 කදී - 186/9

(බෙන් ස්ටෝක්ස් 57, මාක් වුඩ් 00, ඉසුරු උදාන 7-0-26-2)

           

උදානගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ජොෆ්රා ආචර් ලකුණු 3 කට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස මාක් වුඩ් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 43 කදී - 185/8

(බෙන් ස්ටෝක්ස් 56, ජොෆ්රා ආචර් 03, ලසිත් මාලිංග 9-1-41-4)

           

43 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොෆ්රා ආචර් සූදානම්.

මාලිංගගේ නමවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 42 කදී - 183/8

(බෙන් ස්ටෝක්ස් 55, ජොෆ්රා ආචර් 02, ඉසුරු උදාන 6-0-25-1)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

උදානගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 41 කදී - 178/8

(බෙන් ස්ටෝක්ස් 53, ජොෆ්රා ආචර් 00, ධනංජය ද සිල්වා 8-0-32-3)

           

ධනංජයගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් වොක්ස් ලකුණු 2 කට දැවී යයි.

නමවැනි පිතිකරුවා ලෙස ආදිල් රෂීඩ් පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඩ් ලකුණකට දැවී යයි.

10 වැනි පිතිකරුවා ලෙස ජොෆ්රා ආචර් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 40 කදී - 176/6

(බෙන් ස්ටෝක්ස් 52, ක්‍රිස් වෝක්ස් 02, නුවන් ප්‍රදීප් 9-1-29-0)

           

40 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් වෝක්ස් සූදානම්.

ප්‍රදීප්ගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බෙන්ස් ස්ටෝක්ස්ගෙන් තර්ඩ් මෑක් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් බෙන් ස්ටෝක්ස් සිය 17 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................

ඕවර 39 කදී - 171/6

(බෙන් ස්ටෝක්ස් 48, ක්‍රිස් වෝක්ස් 01, ධනංජය ද සිල්වා 7-0-30-1)

           

ධනංජයගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඉසුරු උදාන අතට උඩ පන්දුවක් දෙමින් මුයින් අලී ලකුණු 16 කට දැවී යයි. (හයේ පහර 1 යි)

අටවැනි පිතිකරුවා ලෙස ක්‍රිස් වෝක්ස් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 38 කදී - 164/5

(බෙන් ස්ටෝක්ස් 48, මුයින් අලී 10, තිසර පෙරේරා 8-0-34-0)

           

තිසරගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 37 කදී - 159/5

(බෙන් ස්ටෝක්ස් 47, මුයින් අලී 06, ධනංජය ද සිල්වා 6-0-23-0)

           

37 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුයින් අලී සූදානම්.

ධනංජයගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 36 කදී - 154/5

(බෙන් ස්ටෝක්ස් 44, මුයින් අලී 04, තිසර පෙරේරා 7-0-29-0)

           

තිසරගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 35 කදී - 151/5

(බෙන් ස්ටෝක්ස් 43, මුයින් අලී 02, ලසිත් මාලිංග 8-1-39-4)

           

මාලිංගගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 34 කදී - 148/5

(බෙන් ස්ටෝක්ස් 42, මුයින් අලී 00, තිසර පෙරේරා 6-0-26-0)

           

තිසරගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 33 කදී - 144/5

(බෙන් ස්ටෝක්ස් 38, මුයින් අලී 00, ලසිත් මාලිංග 7-1-36-4)

           

මාලිංගගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුව හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජොස් බට්ලර් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

හත්වැනි පිතිකරුවා ලෙස මුයින් අලී පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 32 කදී - 140/4

(බෙන් ස්ටෝක්ස් 38, ජොස් බට්ලර් 06, තිසර පෙරේරා 5-0-22-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීමට ජොස් බට්ලර් සූදානම්.

තිසරගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 31 කදී - 131/4

(බෙන් ස්ටෝක්ස් 32, ජොස් බට්ලර් 03, ලසිත් මාලිංග 6-1-32-3)

           

31 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීමට බෙන් ස්ටෝක්ස් සූදානම්.

මාලිංගගේ හයවනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 57 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

හයවැනි පිතිකරුවා ලෙස ජොස් බට්ලර් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 30 කදී - 126/3

(ජෝ රූට් 57, බෙන් ස්ටෝක්ස් 31, ජීවන් මෙන්ඩිස් 3-0-23-0)

         

මෙන්ඩිස්ගේ තෙවනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 29 කදී - 122/3

(ජෝ රූට් 55, බෙන් ස්ටෝක්ස් 29, නුවන් ප්‍රදීප් 8-1-24-0)

           

ප්‍රදීප්ගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 28 කදී - 117/3

(ජෝ රූට් 52, බෙන් ස්ටෝක්ස් 27, ජීවන් මෙන්ඩිස් 2-0-19-0)

         

මෙන්ඩිස්ගේ දෙවනි ඕවරයේ පළමු පන්දුවට සහ සිවුවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහර දෙකක්.

...................................................................................................................................

ඕවර 27 කදී - 103/3

(ජෝ රූට් 51, බෙන් ස්ටෝක්ස් 14, නුවන් ප්‍රදීප් 7-1-19-0)

           

27 වැනි ඕවරය යැවීම සඳහා නුවන ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

ප්‍රදීප්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 26 කදී - 96/3

(ජෝ රූට් 50, බෙන් ස්ටෝක්ස් 09, ජීවන් මෙන්ඩිස් 1-0-05-0)

         

26 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

පන්දු 78 කදී හතරේ පහර 3 ක් සමගින් ජෝ රූට් සිය 32 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................

ඕවර 25 කදී - 91/3

(ජෝ රූට් 47, බෙන් ස්ටෝක්ස් 07, ඉසුරු උදාන 5-0-20-1)

         

උදානගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 24 කදී - 88/3

(ජෝ රූට් 45, බෙන් ස්ටෝක්ස් 07, ධනංජය ද සිල්වා 5-0-18-0)

         

ධනංජයගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 23 කදී - 85/3

(ජෝ රූට් 43, බෙන් ස්ටෝක්ස් 06, ඉසුරු උදාන 4-0-18-1)

         

උදානගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 22 කදී - 81/3

(ජෝ රූට් 43, බෙන් ස්ටෝක්ස් 02, ධනංජය ද සිල්වා 4-0-15-0)

         

22 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 21 කදී - 77/3

(ජෝ රූට් 41, බෙන් ස්ටෝක්ස් 00, ඉසුරු උදාන 3-0-14-1)

         

උදානගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................

ඕවර 20 කදී - 76/3

(ජෝ රූට් 40, බෙන් ස්ටෝක්ස් 00, තිසර පෙරේරා 4-0-13-0)

         

තිසරගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 19 කදී - 73/3

(ජෝ රූට් 37, බෙන් ස්ටෝක්ස් 00, ඉසුරු උදාන 2-0-13-1)

         

උදානගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ඔයින් මෝගන් ලකුණු 21 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

පස්වැනි පිතිකරුවා ලෙස බෙන් ස්ටෝක්ස් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 18 කදී - 70/2

(ජෝ රූට් 35, ඔයින් මෝගන් 20, තිසර පෙරේරා 3-0-10-0)

         

තිසරගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 17 කදී - 68/2

(ජෝ රූට් 34, ඔයින් මෝගන් 19, ඉසුරු උදාන 1-0-10-0)

         

17 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැදවයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

උදානගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. එම ඕවරයේ අවසන් පන්දුවට ජෝ රූට්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 16 කදී - 58/2

(ජෝ රූට් 29, ඔයින් මෝගන් 14, තිසර පෙරේරා 2-0-08-0)

         

තිසරගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 15 කදී - 53/2

(ජෝ රූට් 27, ඔයින් මෝගන් 11, ධනංජය ද සිල්වා 3-0-11-0)

         

ධනංජයගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 14 කදී - 50/2

(ජෝ රූට් 25, ඔයින් මෝගන් 10, තිසර පෙරේරා 1-0-03-0)

         

14 වැනි ඕවරය යැවීම සඳහා දකුතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා කැදවයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

තිසරගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 13 කදී - 47/2

(ජෝ රූට් 23, ඔයින් මෝගන් 09, ධනංජය ද සිල්වා 2-0-08-0)

         

ධනංජයගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 12 කදී - 42/2

(ජෝ රූට් 21, ඔයින් මෝගන් 06, නුවන් ප්‍රදීප් 6-1-12-0)

         

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................

ඕවර 11 කදී - 41/2

(ජෝ රූට් 20, ඔයින් මෝගන් 06, ධනංජය ද සිල්වා 1-0-03-0)

         

11 වැනි ඕවරය යැවීම සඳහා දකුතින් පිට පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැදවයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

ධනංජයගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 10 කදී - 38/2

(ජෝ රූට් 17, ඔයින් මෝගන් 06, නුවන් ප්‍රදීප් 5-1-11-0)

         

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 9 කදී - 35/2

(ජෝ රූට් 16, ඔයින් මෝගන් 05, ලසිත් මාලිංග 5-1-27-2)

         

මාලිංගගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට ඔයින මෝගන්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්. එහි අවසන් පන්දුවට ජෝ රූට්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 8 කදී - 26/2

(ජෝ රූට් 12, ඔයින් මෝගන් 00, නුවන් ප්‍රදීප් 4-1-08-0)

         

ප්‍රදීප්ගේ සිවුවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් වෙයි. 

....................................................................................................................................

ඕවර 7 කදී - 26/2

(ජෝ රූට් 12, ඔයින් මෝගන් 00, ලසිත් මාලිංග 4-1-18-2)

         

මාලිංගගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙසින් පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ජේම්ස් වින්ස් ලකුණු 14 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස ඔයින් මෝගන් පිටියට පිවිසෙයි. 

....................................................................................................................................

ඕවර 6 කදී - 16/1

(ජේම්ස් වින්ස් 04, ජෝ රූට් 12, නුවන් ප්‍රදීප් 3-0-08-0)

         

ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................

ඕවර 5 කදී - 15/1

(ජේම්ස් වින්ස් 03, ජෝ රූට් 12, ලසිත් මාලිංග 3-1-08-1)

         

මාලිංගගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 4 කදී - 10/1

(ජේම්ස් වින්ස් 02, ජෝ රූට් 08, නුවන් ප්‍රදීප් 2-0-07-0)

         

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජෝ රූට්ගෙන් පොයිට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 3 කදී - 04/1

(ජේම්ස් වින්ස් 02, ජෝ රූට් 02, ලසිත් මාලිංග 2-1-03-1)

         

මාලිංගගේ දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් වෙයි. 

....................................................................................................................................

ඕවර 2 කදී - 04/1

(ජේම්ස් වින්ස් 02, ජෝ රූට් 02, නුවන් ප්‍රදීප් 1-0-01-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැදවයි. පන්දුව පිළිගැනීමට ජේම්ස් වින්ස් සූදානම්.

ප්‍රදීප්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................

ඕවර 1 කදී - 03/1

(ජේම්ස් වින්ස් 01, ජෝ රූට් 02, ලසිත් මාලිංග 1-0-03-1)

         

එංගලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා ජේම්ස් වින්ස් සහ ජොනී බෙයාස්ට්‍රෝ පිිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැදවයි. පන්දුව පිළිගැනීමට ජේම්ස් වින්ස් සූදානම්.

මාලිංගගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජොනී බෙයාස්ට්‍රෝ ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරුවා ලෙස ජෝ රූට් පිටියට පිවිසෙයි. 

....................................................................................................................................

ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 233 ක ඉලක්කයක්.

...................................................................................................................................

ඕවර 50 කදී - 232/9

(ඇන්ජලෝ මැතිව්ස් 85, නුවන් ප්‍රදීප් 01, ජොෆ්රා ආචර් 10-2-52-3)

            

ආචර්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................

ඕවර 49 කදී - 224/9

(ඇන්ජලෝ මැතිව්ස් 77, නුවන් ප්‍රදීප් 01, මාක් වුඩ් 8-0-40-3)

            

වුඩ්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලසිත් මාලිංග එක් ලකුණකට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 48 කදී - 220/8

(ඇන්ජලෝ මැතිව්ස් 74, ලසිත් මාලිංග 01, ජොෆ්රා ආචර් 9-2-44-3)

            

ආචර්ගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 47 කදී - 214/8

(ඇන්ජලෝ මැතිව්ස් 69, ලසිත් මාලිංග 00, මාක් වුඩ් 7-0-36-2)

            

වුඩ්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන ලකුණු 6 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

10 වැනි පිතිකරුවා ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 46 කදී - 203/7

(ඇන්ජලෝ මැතිව්ස් 64, ඉසුරු උදාන 01, ජොෆ්රා ආචර් 8-2-38-3)

             

ආචර්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ආදිල් රෂීඩ් අතට උඩ පන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 2 කට දැවී යයි.

නමවැනි පිතිකරුවා ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 45 කදී - 197/6

(ඇන්ජලෝ මැතිව්ස් 61, තිසර පෙරේරා 02, මාක් වුඩ් 6-0-26-1)

            

වුඩ්ගේ හයවැනි ඕවරයටද ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 44 කදී - 192/6

(ඇන්ජලෝ මැතිව්ස් 52, තිසර පෙරේරා 01, ජොෆ්රා ආචර් 7-2-33-2)

           

ආචර්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 29 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

අටවැනි පිතිකරුවා ලෙස තිසර පෙරේරා පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 43 කදී - 188/5

(ඇන්ජලෝ මැතිව්ස් 55, ධනංජය ද සිල්වා 28, මාක් වුඩ් 5-0-21-1)

             

43 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

වුඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 42 කදී - 183/5

(ඇන්ජලෝ මැතිව්ස් 52, ධනංජය ද සිල්වා 26, ජොෆ්රා ආචර් 6-2-29-1)

            

42 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

ආචර්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 41 කදී - 180/5

(ඇන්ජලෝ මැතිව්ස් 50, ධනංජය ද සිල්වා 25, ජෝ රූට් 2-0-13-0)

           

රූට්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 84 කදී හතරේ පහර 3 ක් සමග මැතිවුස් සිය 38 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. එහිදී පළමු ලකුණු 25 ලබාගැනීම සඳහා පන්දු 54 ක් වැය කළ මැතිව්ස් දෙවැනි ලකුණු 25 ලබාගැනීම සඳහා වැය කළේ පන්දු 30 ක් පමණි. 

...................................................................................................................................

ඕවර 40 කදී - 171/5

(ඇන්ජලෝ මැතිව්ස් 43, ධනංජය ද සිල්වා 24, ආදිල් රෂීඩ් 10-0-45-2)

           

රෂීඩ්ගේ 10 වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 39 කදී - 168/5

(ඇන්ජලෝ මැතිව්ස් 42, ධනංජය ද සිල්වා 22, ජෝ රූට් 1-0-04-0)

           

39 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජෝ රූට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

රූට්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 38 කදී - 164/5

(ඇන්ජලෝ මැතිව්ස් 40, ධනංජය ද සිල්වා 20, ආදිල් රෂීඩ් 9-0-42-2)

           

රෂීඩ්ගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ධනංජය ද සිල්වා ලබාදුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතින් ගිළිහෙයි.

...................................................................................................................................

ඕවර 37 කදී - 160/5

(ඇන්ජලෝ මැතිව්ස් 38, ධනංජය ද සිල්වා 18, මුයින් අලී 10-0-40-0)

           

අලීගේ 10 වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 36 කදී - 158/5

(ඇන්ජලෝ මැතිව්ස් 37, ධනංජය ද සිල්වා 17, ආදිල් රෂීඩ් 8-0-38-2)

           

රෂීඩ්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 35 කදී - 154/5

(ඇන්ජලෝ මැතිව්ස් 35, ධනංජය ද සිල්වා 15, මුයින් අලී 9-0-38-0)

           

අලීගේ නමවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 34 කදී - 152/5

(ඇන්ජලෝ මැතිව්ස් 34, ධනංජය ද සිල්වා 15, ආදිල් රෂීඩ් 7-0-34-2)

         

රෂීඩ්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 33 කදී - 146/5

(ඇන්ජලෝ මැතිව්ස් 34, ධනංජය ද සිල්වා 09, මුයින් අලී 8-0-36-0)

           

අලීගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 32 කදී - 141/5

(ඇන්ජලෝ මැතිව්ස් 33, ධනංජය ද සිල්වා 05, ආදිල් රෂීඩ් 5-0-28-2)

         

රෂීඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

 

ඕවර 31 කදී - 138/5

(ඇන්ජලෝ මැතිව්ස් 32, ධනංජය ද සිල්වා 03, මුයින් අලී 7-0-31-0)

           

අලීගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 30 කදී - 135/5

(ඇන්ජලෝ මැතිව්ස් 31, ධනංජය ද සිල්වා 02, ආදිල් රෂීඩ් 5-0-25-2)

         

රෂිඩ්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි නායක ඔයින් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 46 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

හයවැනි පිතිකරුවා ලෙස ජීවන් මෙන්ඩිස් පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී රෂීඩ් අතටම උඩ පන්දුවක් දෙමින් ජීවන් මෙන්ඩිස් ලකුණු නොළබා දැවී යයි.

හත්වැනි පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි. 

...................................................................................................................................

ඕවර 29 කදී - 128/3

(කුසල් මෙන්ඩිස් 46, ඇන්ජලෝ මැතිව්ස් 26, මුයින් අලී 6-0-28-0)

           

අලීගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 28 කදී - 125/3

(කුසල් මෙන්ඩිස් 45, ඇන්ජලෝ මැතිව්ස් 24, ආදිල් රෂීඩ් 4-0-18-0)

           

රෂිඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණ 6 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 27 කදී - 119/3

(කුසල් මෙන්ඩිස් 43, ඇන්ජලෝ මැතිව්ස් 23, මුයින් අලී 5-0-25-0)

           

අලීගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 26 කදී - 115/3

(කුසල් මෙන්ඩිස් 41, ඇන්ජලෝ මැතිව්ස් 21, ආදිල් රෂීඩ් 3-0-14-0)

           

රෂිඩ්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................

ඕවර 25 කදී - 114/3

(කුසල් මෙන්ඩිස් 40, ඇන්ජලෝ මැතිව්ස් 21, මුයින් අලී 4-0-21-0)

           

අලීගේ සිවුවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 24 කදී - 106/3

(කුසල් මෙන්ඩිස් 33, ඇන්ජලෝ මැතිව්ස් 20, ආදිල් රෂීඩ් 2-0-13-0)

           

රෂිඩ්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලො මැතිස්ව්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 23 කදී - 98/3

(කුසල් මෙන්ඩිස් 31, ඇන්ජලෝ මැතිව්ස් 14, මුයින් අලී 3-0-13-0)

           

අලීගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 22 කදී - 92/3

(කුසල් මෙන්ඩිස් 28, ඇන්ජලෝ මැතිව්ස් 11, ආදිල් රෂීඩ් 1-0-5-0)

           

22 වැනි ඕවරය යැවීම සඳහා පිට පා පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

රෂිඩ්ගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 21 කදී - 87/3

(කුසල් මෙන්ඩිස් 26, ඇන්ජලෝ මැතිව්ස් 08, මුයින් අලී 2-0-7-0)

           

අලීගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 20 කදී - 84/3

(කුසල් මෙන්ඩිස් 26, ඇන්ජලෝ මැතිව්ස් 05, බෙන් ස්ටෝක්ස් 5-0-16-0)

           

බෙන් ස්ටෝක්ස්ගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................

ඕවර 19 කදී - 79/3

(කුසල් මෙන්ඩිස් 22, ඇන්ජලෝ මැතිව්ස් 04, මුයින් අලී 1-0-4-0)

           

19 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුයින් අලී කැඳවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

අලීගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................

ඕවර 18 කදී - 75/3

(කුසල් මෙන්ඩිස් 20, ඇන්ජලෝ මැතිව්ස් 02, බෙන් ස්ටෝක්ස් 4-0-11-0)

         

ස්ටෝක්ස්ගේ සිවුවැනි ඕවරයට එක් ලකුණුක් පමණයි.

...................................................................................................................................

ඕවර 17 කදී - 74/3

(කුසල් මෙන්ඩිස් 19, ඇන්ජලෝ මැතිව්ස් 02, මාක් වුඩ් 4-0-16-1)

           

වුඩ්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 16 කදී - 72/3

(කුසල් මෙන්ඩිස් 18, ඇන්ජලෝ මැතිව්ස් 01, බෙන් ස්ටෝක්ස් 3-0-10-0)

         

ස්ටෝක්ස්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 15 කදී - 66/3

(කුසල් මෙන්ඩිස් 13, ඇන්ජලෝ මැතිව්ස් 00, මාක් වුඩ් 3-0-14-1)

           

වුඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 14 කදී - 63/3

(කුසල් මෙන්ඩිස් 10, ඇන්ජලෝ මැතිව්ස් 00, බෙන් ස්ටෝක්ස් 2-0-04-0)

           

ස්ටෝක්ස්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................

ඕවර 13 කදී - 62/3

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 00, මාක් වුඩ් 2-0-11-1)

           

වුඩ්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ආදිල් රෂීඩ් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 6 යි)

පස්වැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි. 

....................................................................................................................................

ඕවර 12 කදී - 59/2

(අවිෂ්ක ප්‍රනාන්දු 47, කුසල් මෙන්ඩිස් 08, බෙන් ස්ටෝක්ස් 1-0-03-0)

           

12 වැනි ඕවරය යැවීම සඳහා දකුතින් වේග මඳ පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

ස්ටෝක්ස්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 11 කදී - 56/2

(අවිෂ්ක ප්‍රනාන්දු 46, කුසල් මෙන්ඩිස් 06, මාක් වුඩ් 1-0-08-0)

           

11 වැනි ඕවරය යැවීම සඳහා දකුතින් වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

වුඩ්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට අවිෂ්කගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 10 කදී - 48/2

(අවිෂ්ක ප්‍රනාන්දු 41, කුසල් මෙන්ඩිස් 04, ජොෆ්රා ආචර් 5-2-26-1) 

         

ආචර්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුව මිඩ් විකට් කළාපය හරහා හතරේ සීමාව වෙය යැවූ අවිෂ්කගෙන් එම ඕවරයේ පස්වැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................

ඕවර 9 කදී - 37/2

(අවිෂ්ක ප්‍රනාන්දු 31, කුසල් මෙන්ඩිස් 03, ක්‍රිස් වෝක්ස් 5-0-22-1)

         

වෝක්ස්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්කගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 8 කදී - 31/2 

(අවිෂ්ක ප්‍රනාන්දු 25, කුසල් මෙන්ඩිස් 03, ජොෆ්රා ආචර් 4-2-15-1) 

         

ආචර්ගේ සිවුවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් වෙයි. 

....................................................................................................................................

ඕවර 7 කදී - 31/2

(අවිෂ්ක ප්‍රනාන්දු 25, කුසල් මෙන්ඩිස් 03, ක්‍රිස් වෝක්ස් 4-0-16-1)

         

වෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්කගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

....................................................................................................................................

ඕවර 6 කදී - 24/2 

(අවිෂ්ක ප්‍රනාන්දු 20, කුසල් මෙන්ඩිස් 01, ජොෆ්රා ආචර් 3-1-15-1) 

         

ආචර්ගේ තෙවැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට අවිෂ්ක ප්‍රනාන්දු සමත් වෙයි. 

එම ඕවරයේ දෙවැනි පන්දුව කවර් කළාපය හරහා හතරේ සීමාව වෙත යැවූ අවිෂ්කගෙන්, පස්වැනි සහ හයවැනි පන්දුවලට ෆයින් ලෙග් සහ කවර් කළාප හරහා පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක්.

....................................................................................................................................

ඕවර 5 කදී - 10/2

(අවිෂ්ක ප්‍රනාන්දු 06, කුසල් මෙන්ඩිස් 01, ක්‍රිස් වෝක්ස් 3-0-09-1)

         

වෝක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................

ඕවර 4 කදී - 04/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 01, කුසල් මෙන්ඩිස් 00, ජොෆ්රා ආචර් 2-1-01-1) 

         

ආචර්ගේ දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් වෙයි. 

....................................................................................................................................

ඕවර 3 කදී - 04/2

(අවිෂ්ක ප්‍රනාන්දු 00, කුසල් මෙන්ඩිස් 00, ක්‍රිස් වෝක්ස් 2-0-03-1)

         

වොක්ස්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි මුයින් අලී අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 2 කට දැවී යයි.

 

සිවුවැනි පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................

ඕවර 2 කදී - 03/1 

(කුසල් පෙරේරා 02, අවිෂ්ක ප්‍රනාන්දු 00, ජොෆ්රා ආචර් 1-0-01-1) 

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුතින් වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

ආචර්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී යයි.

තෙවැනි පිතිකරුවා ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

....................................................................................................................................

ඕවර 1 කදී - 02/0

(දිමුත් කරුණාරත්න 01, කුසල් පෙරේරා 01, ක්‍රිස් වෝක්ස් 1-0-02-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැදවයි. පන්දුව පිළිගැනීමට දිමුත් කරුණාරත්න සූදානම්.

වෝක්ස්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ළහිරු තිරිමාන්නට සහ මිලින්ද සිරිවර්ධනට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇති අතර ඔවුන් වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට එක්ව සිටිති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයටද ක්‍රීඩා කරයි.

....................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලීඩ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායාක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප්

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝගන් (නායක), ජේම්ස් වින්ස්, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ආදිල් රෂීඩ්, ජොෆ්රා ආචර් සහ මාක් වුඩ්


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.