Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඕස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

editorial - 2019 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(සැකසුම : ශානුක අරවින්ද)

....................................................................................................................................................................

එංගලන්තය පරදවා ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. තරගයේ වීරයා ඕස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච්.

මෙම ජයග්‍රහණයත් සමග සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ දමාගත් ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර එංගලන්තය ප්‍රසාද ලකුණු 8 ක් ලබා තවදුරටත් එහි සිවුවැනි ස්ථානයේ පසුවේ. 

....................................................................................................................................................................

ඕවර 44.4 කදී - 221/10

(මාක් වුඩ් නොදැවී 01, මිචෙල් ස්ටාක් 8.4-1-43-4)

       

ස්ටාක්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මාකස් ස්ටොයිනිස් අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඩ් ලකුණු 25 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)

..................................................................................................................................

ඕවර 44 කදී - 213/9

(ආදිල් රෂීඩ් නොදැවී 17, මාක් වුඩ් නොදැවී 01, ජේසන් බෙරන්ඩෝෆ් 10-0-44-5)

        

බෙරන්ඩෝෆ්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ජොෆ්රා ආචර් එක් ලකුණකට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස මාක් වුඩ් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 43 කදී - 210/8

(ආදිල් රෂීඩ් නොදැවී 16, ජොෆ්ර ආචර් නොදැවී 01, මිචෙල් ස්ටාක් 8-1-35-3)

        

ස්ටාක්ගේ 8 වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 42 කදී - 207/8

(ආදිල් රෂීඩ් නොදැවී 14, ජොෆ්ර ආචර් නොදැවී 00, ජේසන් බෙරන්ඩෝෆ්  9-0-42-4)

        

බෙරන්ඩෝෆ්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් ‍වෝක්ස් ලකුණු 26 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

10 වැනි පිතිකරුවා ලෙස ජොෆ්රා ආචර් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 41 කදී - 200/7

(ක්‍රිස් වෝක්ස් නොදැවී 25, ආදිල් රෂීඩ් නොදැවී 08, 02, ක්‍රිස් ලයන් 9-0-43-0)

        

41 වැනි ඕවරය යැවීම සඳහා නේදන් ලයන් කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා ක්‍රිස් වෝක්ස් සූදානම්.

ලයන්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ආදිල් රෂිඩ්ගෙන් ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

..................................................................................................................................

ඕවර 40 කදී - 191/7

(ක්‍රිස් වෝක්ස් නොදැවී 23, ආදිල් රෂීඩ් නොදැවී 01, ජේසන් බෙරන්ඩෝෆ්  8-0-35-3)

        

40 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් වෝක්ස් සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් මුයින් අලී ලකුණු 6 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

නමවැනි පිතිකරුවා ලෙස අදිල් රෂීඩ් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 39 කදී - 184/6

(ක්‍රිස් වෝක්ස් නොදැවී 21, මුයින් අලී නොදැවී 02, මිචෙල් ස්ටාක් 7-1-32-3)

        

ස්ටාක්ගේ හත්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

..................................................................................................................................

ඕවර 38 කදී - 183/6

(ක්‍රිස් වෝක්ස් නොදැවී 20, මුයින් අලී නොදැවී 02, පැට් කමින්ස් 8-1-41-0)

          

කමින්ස්ගේ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 37 කදී - 177/6

(ක්‍රිස් වෝක්ස් නොදැවී 18, මුයින් අලී නොදැවී 00, මිචෙල් ස්ටාක් 6-1-31-3)

        

37 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

ස්ටාක්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් බෙන් ස්ටෝක්ස් ලකුණු 89 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 8 යි)

අටවැනි පිතිකරුවා ලෙස මුයින් අලී පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 36 කදී - 173/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 88, ක්‍රිස් වෝක්ස් නොදැවී 15, පැට් කමින්ස් 7-1-36-0)

        

කමින්ස්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්ගෙන් තෙවැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේම අවසන් පන්දුවට ක්‍රිස් වෝක්ස්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්

..................................................................................................................................

ඕවර 35 කදී - 160/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 79, ක්‍රිස් වෝක්ස් නොදැවී 11, නේදන් ලයන් 8-0-34-0)

        

ලයන්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 34 කදී - 156/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 77, ක්‍රිස් වෝක්ස් නොදැවී 09, පැට් කමින්ස් 6-1-23-0)

        

34 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් වෝක්ස් සූදානම්.

කමින්ස්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ක්‍රිස් වෝක්ස්ගෙන් මිඩ් ඕන් හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 33 කදී - 147/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 73, ක්‍රිස් වෝක්ස් නොදැවී 04, නේදන් ලයන් 7-0-30-0)

        

33 වැනි ඕවරය යැවීම සඳහා නේදන් ලයන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

ලයන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 32 කදී - 145/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 72, ක්‍රිස් වෝක්ස් නොදැවී 03, මාකස් ස්ටොයිනිස් 7-0-29-1)

        

ස්ටොයිනිස්ගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 31 කදී - 141/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 70, ක්‍රිස් වෝක්ස් නොදැවී 01, ග්ලේන් මැක්ස්වෙල් 2-0-15-0)

          

මැක්ස්වෙල්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ බෙන් ස්ටෝක්ස්ගෙන්, තෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

..................................................................................................................................

ඕවර 30 කදී - 129/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 58, ක්‍රිස් වෝක්ස් නොදැවී 01, මාකස් ස්ටොයිනිස් 6-0-25-1)

        

ස්ටොයිනිස්ගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

..................................................................................................................................

ඕවර 29 කදී - 128/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 57, ක්‍රිස් වෝක්ස් නොදැවී 01, ග්ලේන් මැක්ස්වෙල් 1-0-03-0)

          

29 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

මැක්ස්වෙල්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 28 කදී - 125/5

(බෙන් ස්ටෝක්ස් නොදැවී 55, ක්‍රිස් වෝක්ස් නොදැවී 00, මාකස් ස්ටොයිනිස් 5-0-24-1)

          

ස්ටොයිනිස්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ඩීප් ස්කුවෙයර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් ජොස් බට්ලර් ලකුණු 25 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

හත්වැනි පිතිකරුවා ලෙස ක්‍රිස් වෝක්ස් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 27 කදී - 122/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 53, ජොස් බට්ලර් නොදැවී 25, නේදන් ලයන් 6-0-28-0)

          

ලයන්ගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 26 කදී - 117/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 51, ජොස් බට්ලර් නොදැවී 22, මාකස් ස්ටොයිනිස් 4-0-21-0)

          

ස්ටොයිනිස්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට ජොස් බට්ලර්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 75 කදී හතරේ පහර 5 ක් සමගින් බෙන් ස්ටෝක්ස් සිය 18 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

..................................................................................................................................

ඕවර 25 කදී - 109/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 49, ජොස් බට්ලර් නොදැවී 16, නේදන් ලයන් 5-0-23-0)

          

ලයන්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට ස්ටෝක්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 24 කදී - 105/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 45, ජොස් බට්ලර් නොදැවී 16, මාකස් ස්ටොයිනිස් 3-0-13-0)

          

ස්ටොයිනිස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 23 කදී - 102/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 43, ජොස් බට්ලර් නොදැවී 16, නේදන් ලයන් 4-0-19-0)

          

23 වැනි ඕවරය යැවීම සඳහා නේදන් ලයන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

ලයන්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ස්ටෝක්ස්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 22 කදී - 97/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 38, ජොස් බට්ලර් නොදැවී 16, මාකස් ස්ටොයිනිස් 2-0-11-0)

          

ස්ටොයිනිස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 21 කදී - 93/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 36, ජොස් බට්ලර් නොදැවී 15, පැට් කමින්ස් 5-1-14-0)

          

කමින්ස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 20 කදී - 83/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 35, ජොස් බට්ලර් නොදැවී 14, මාකස් ස්ටොයිනිස් 1-0-08-0)

          

20 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

ස්ටොයිනිස්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ස්ටෝක්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 19 කදී - 83/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 30, ජොස් බට්ලර් නොදැවී 11, පැට් කමින්ස් 4-1-12-0)

          

19 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

කමින්ස්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 18 කදී - 79/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 26, ජොස් බට්ලර් නොදැවී 11, මිචෙල් ස්ටාක් 5-1-27-2)

          

ස්ටාක්ගේ පස්වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 17 කදී - 72/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 20, ජොස් බට්ලර් නොදැවී 10, නේදන් ලයන් 3-0-14-0)

          

ලයන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 16 කදී - 65/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 14, ජොස් බට්ලර් නොදැවී 10, මිචෙල් ස්ටාක් 4-1-20-2)

          

16 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

ස්ටාක්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට බට්ලර්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 15 කදී - 57/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 13, ජොස් බට්ලර් නොදැවී 03, නේදන් ලයන් 2-0-08-0)

          

ලයන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 14 කදී - 54/4

(බෙන් ස්ටෝක්ස් නොදැවී 12, ජොස් බට්ලර් නොදැවී 01, ජේසන් බෙරන්ඩෝෆ් 7-0-28-2)

          

14 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි පැට් කමින්ස් අතට උඩ පන්දුවක් දෙමින් ජොනී බෙයාස්ට්‍රෝ ලකුණු 27 කට දැවී යයි. (හතරේ පහර 5 යි)

හයවැනි පිතිකරුවා ලෙස ජොස් බට්ලර් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 13 කදී - 52/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 27, බෙන් ස්ටෝක්ස් නොදැවී 11, නේදන් ලයන් 1-0-05-0)

          

13 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

ලයන්ගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 12 කදී - 47/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 26, බෙන් ස්ටෝක්ස් නොදැවී 07, පැට් කමින්ස් 3-1-08-0)

          

කමින්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

..................................................................................................................................

ඕවර 11 කදී - 43/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 25, බෙන් ස්ටෝක්ස් නොදැවී 04, ජේසන් බෙරන්ඩෝෆ් 6-0-26-1)

          

බෙරන්ඩෝෆ්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට බෙන් ස්ටොගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 10 කදී - 39/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 25, බෙන් ස්ටෝක්ස් නොදැවී 00, පැට් කමින්ස් 2-1-04-0)

          

කමින්ස්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජොනී බෙයාස්ට්‍රෝගෙන් හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 9 කදී - 35/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 21, බෙන් ස්ටෝක්ස් නොදැවී 00, ජේසන් බෙරන්ඩෝෆ් 5-0-22-1)

          

බෙරන්ඩෝෆ්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ජොනී බෙයාස්ට්‍රෝගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 8 කදී - 30/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 16, බෙන් ස්ටෝක්ස් නොදැවී 00, පැට් කමින්ස් 1-1-00-0)

          

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

කමින්ස්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

..................................................................................................................................

ඕවර 7 කදී - 30/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 16, බෙන් ස්ටෝක්ස් නොදැවී 00, ජේසන් බෙරන්ඩෝෆ් 4-0-17-1)

          

බෙරන්ඩෝෆ්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොනී බෙයාස්ට්‍රෝගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 6 කදී - 26/3

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 12, බෙන් ස්ටෝක්ස් නොදැවී 00, මිචෙල් ස්ටාක් 3-1-12-2)

        

ස්ටාක්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බෙයාස්ට්‍රෝගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි පැට් කමින්ස් අතට උඩ පන්දුවක් දෙමින් ඔයින් මෝගන් ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

පස්වැනි පිතිකරුවා ලෙස බෙන් ස්ටෝක්ස් පිටියට පිවිසෙයි.

..................................................................................................................................

ඕවර 5 කදී - 21/2

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 07, ඔයින් මොගන් නොදැවී 04, ජේසන් බෙරන්ඩෝෆ් 3-0-13-1)

          

බෙරන්ඩෝෆ්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් ලොන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 4 කදී - 15/2

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 07, ඔයින් මොගන් නොදැවී 00, මිචෙල් ස්ටාක් 2-1-07-1)

        

ස්ටාක්ගේ දෙවැනි වරයේ තෙවැනි පන්දුව හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ජෝ රූට් ලකුණු 8 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස ඔයින් මෝගන් පිටියට පිවිසෙයි.

එම ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

..................................................................................................................................

ඕවර 3 කදී - 15/1

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 07, ජෝ රූට් නොදැවී 08, ජේසන් බෙරන්ඩෝෆ් 2-0-08-1)

        

බෙරන්ඩෝෆ්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජොනී බෙයාස්ට්‍රෝගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 2 කදී - 11/1

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 03, ජෝ රූට් නොදැවී 08, මිචෙල් ස්ටාක් 1-0-07-0)

        

දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ට්‍රෝ සූදානම්.

ස්ටාක්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට ජෝ රූට්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

..................................................................................................................................

ඕවර 1 කදී - 04/1

(ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 00, ජෝ රූට් නොදැවී 04, ජේසන් බෙරන්ඩෝෆ් 1-0-04-1)

        

එංගලන්ත ඉනිම ඇරඹීම සඳහා ජේම්ස් වින්ස් සහ ජොනී බෙයාස්ට්‍රෝ පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේම්ස් වින්ස් සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ජේම්ස් වින්ස් ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරුවා ලෙස ජෝ රූට් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවට ජෝ රූට්ගෙන් බැක්වඩ් පොයිට් කළාපය හරහා හතරේ පහරක්.


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.