Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සූරියප්පෙරුම සමුගනී

සූරියප්පෙරුම සමුගනී

Nisanka Sandeepani - 2018 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම නියෝජන කළ එල්.පී සුරියප්පෙරුම මහතා වසර 96 ක් ආයු වළදා අද සිය ජීවින ගමනින් සමුගත් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නිවේදනය කරයි. 1955 වර්ෂයේ දී ලංකාවට පැමිණි ඉන්දීය උත්තර ප්‍රදේශ් කණ්ඩායම සමඟ තරග වැදුණු ලංකා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ සූරියප්පෙරුම මහතා ප්‍රථම වරට ජාතික වර්ණ දිනා ඇත. 

1955 වර්ෂයේදී ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායම නියෝජනය කරමින් මදුරාසියේ සංචාරයට ද ඔහු සහභාගී වූයේය. පසුව 1959 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණි එස්. ජේ. බාවාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිරිමි කණ්ඩායම සමඟ පැවති තරගාවලයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලදි. 

1955, 1956, 1957 සහ 1958 වර්ෂවලදී ලංකා ජාතික වොලිබෝල් ශූරතා දිනා ගත් ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වූ එල්. පී සුරියප්පෙරුම මහතා ගුරු වෘත්තියෙන් විශ්‍රාම යන විට ගම්පහ, ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළේය. 

සුරියප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14 වැනිදා) වැලිවේරිය ආදාහනාගාරයේදී සිදුකරන අතර දේහය නො. 61, ගනේගොඩ, දොම්පේ පිහිටි නිවසෙහි තැන්පත් කර ඇත.

 


අදහස් (0)

සූරියප්පෙරුම සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.