Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුපර් ලීග් වොලිබෝල් අවසන් මහ තරග අනිද්දා

සුපර් ලීග් වොලිබෝල් අවසන් මහ තරග අනිද්දා

නාමල් පතිරගේ - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ජාතික ශූරතා මන්චි කුසලාන වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් අවසන් මහා තරග අනිද්දා (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙම අවසන් මහ තරග එදින පස්වරු 1 සිට පැවැත්වීමට කටයුතු යොදු තිබේ.

71 වැනි වතාවටත් සංවිධානය වන ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ මූලික වටයේදී විශේසිතම සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි වන්නේ පසුගිය වසරේ (2019) පිරිමි කාණ්ඩයේ කුසලාන දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජයත් අනුශූරතාව ලද ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමත් මෙවර ලද පරාජයයි.

එහිදී ගියවර ශූරතාව දිනූ යුද හමුදා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්විය. ජාතික මට්ටමේ අත්දැකීම් පිරිපුන් ක්‍රීඩකයන්ද ඇතුළත් අනුශූර ප්‍රබල වරාය කණ්ඩායම මෙවර මූලික වටයෙන්ම ඉවතට විසිවීම කැපී පෙනේ.

මූලික වටයේ ඔවුන්ගේ එකම ජයග්‍රහණය තරුණ සේවා කණ්ඩායමට එරෙහිව වාර්තා කළේය. කෙසේ නමුත් ගියවර (2019) ශූරතාව දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මෙවරත් ඊට අවස්ථාව උදාකර ගනිමින් අවසන් මහ තරගයට ප්‍රවේශවී සිටීමයි. කෙසේ වුවත් ගියවර අනුශූරතාව ලද නාවික හමුදා කණ්ඩායම මෙවර පියවරක් පස්සට ගොස් තෙවැනි ස්ථානය ලැබීය.

මේ අතර පිරිමි තරගාවලියේ තවත් සුවිශේෂි සිදුවීමක් වන්නේ නවක ක්‍රීඩා සමාජයක් වන බිතුලින්ක් කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් කීපයක්ම පරාජය කරමින් අවසන් මහ තරගයට වරම් ලැබීමයි.  එහි විශේෂත්වය බිතුලින්ක් ජාතික තරගාවලියට පළමුවරට එක්ව සිටින කුරුණෑගල ප්‍රදේශයේ ඇඟළුම් සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වීමයි. තරගාවලිය පුරා ඕෂන් ලංකා ක්‍රීඩා සමාජයේ දක්ෂතා කැපී පෙනෙන අතර මූලික වටයේ පළමු තරගයයේදී ඔවුන් විදුලිබල මණ්ඩල කණ්ඩායමට පරාජයවීම ඔවුන්ට අවසන් පූර්ව වටය අහිමි කිරීමට ප්‍රධාන ලෙසම බලපාන බව පෙනේ.  

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන්(මන්චි) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් සංවිධානය කරන තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවය අනිද්දා පස්වරු 5 ට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පිරිමි තරගාවලියට කණ්ඩායම් 10 ක්ද කාන්තා තරගාවලියට කණ්ඩායම් අටක්ද සහභාගි වේ.


අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල
කාන්තා අවසන් පූර්ව වටය –
ගුවන් හමුදා කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම වට 3 – 1 කින් (25-20, 21-25, 32-30, 25-23) පරාජය කරන ලදී.
යුද හමුද‌ා කණ්ඩායම විසින් හයිද්‍රාමනී කණ්ඩායම වට 3-1 කින් (25/14-21/25-32/30 – 25/23) පරාජය කරන ලදී.

තෙවැනි ස්ථානය තේරීම තරගය:-
නාවික හමුද‌ා කණ්ඩායම විසින් හයිද්‍රාමනී කණ්ඩායම වට 3/0 කින් (25/12-25/15-25/15) පරාජය කරන ලදී.

පිරිමි අවසන් පූර්ව තරග
විදුලිබල කණ්ඩායම විසින් ගුවන් හමුද‌ා කණ්ඩායම වට 3/2 කින් (22/25- 29/31 – 25/18 – 31/29 – 15/10) පරාජය කරන ලදී.
බිතුලින්ක් කණ්ඩායම විසින් යුද හමුද‌ා කණ්ඩායම වට 3-1 කින් (22/25 – 25/20 – 25/18 – 25/14) පරාජය කරන ලදී.


තෙවැනි ස්ථානය තේරීම තරගය –

යුද හමුද‌ා කණ්ඩායම විසින් ගුවන් හමුද‌ා කණ්ඩායම වට 3-0 කින් (25/21 – 25/21 – 25/21) පරාජය කරන ලදී.


මාර්තු 13 වැනිද‌ා අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය
පස්වරු 1.00 ට – කාන්තා අවසන් මහ තරගය –
ගුවන් හමුද‌ා කණ්ඩායම හා යුද හමුද‌ා කණ්ඩායම අතර

පස්වරු 3.00  ට – පිරිමි අවසන් මහ තරගය –
විදුලි බල මණ්ඩල කණ්ඩායම හා බිතුලින්ක් කණ්ඩායම අතර

 

විදුලි බල මණ්ඩල කණ්ඩායම

 

බිතුලින්ක් කණ්ඩායම

 

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

 

යුද හමුදා කාන්තා කණ්ඩායම


අදහස් (0)

සුපර් ලීග් වොලිබෝල් අවසන් මහ තරග අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.