Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් තායිලන්තයේ

සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් තායිලන්තයේ

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආධුනික වොලිබෝල් තරගාවලියකට සහභාගි වීම සඳහා පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලිය ලබන 16 වැනිදා දක්වා පැවැත්වේ.

සිවිල් ආරක්‍ෂක වොලිබෝල් පිලට ක්‍රීඩකයන් 13 ක් සහ ක්‍රීඩිකාවෝ 13 ක් ඇතුළත් වෙති. කණ්ඩායම් බාර ප්‍රධානියා ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වොලිබෝල් සංගමයේ සභාපති මේජර් ඩී. එම්. ඒ. කේ. මෙන්ඩිස් මහතා කටයුතු කරයි. පොලිස් පරීක්‍ෂක ඩී. එම්. එන්. මනෝජ් දිසානායක මහතා පුහුණුකරු ලෙසද එන්. කේ. ඩී. අනුර කුමාර මහතාද කණ්ඩායම් බාර නිලධාරිනිය ලෙස පොලිස් පරීක්‍ෂක සන්ධ්‍යා කාන්ති මහානාම මහත්මියද කටයුතු කරති.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් පසුගිය වසරේ ශූරතා රැසක් දිනාගත් අතර ඒ පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය සේවා වොලිබෝල් සංගමය මෙම තරග සංචාරය පිරිනමා තිබේ.

 

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම    

 


අදහස් (0)

සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් තායිලන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.