Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා දියුණුවට ප‍්‍රංශයේ සහයෝගය

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා දියුණුවට ප‍්‍රංශයේ සහයෝගය

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාමය සදහා ක‍්‍රීඩාව යන මැයෙන් ප‍්‍රංශයේ මොනාකෝ නගරයේදී පැවැති ලෝක රාජ්‍ය නායක සමුඵවට ක‍්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පසුගියදා සහභාගිවිය. මෙම සමු`ඵවේදී ක‍්‍රීඩා විද්‍යාව, ක‍්‍රීඩා තාක්‍ෂණය, ක‍්‍රීඩා පෝෂණවේදය සහ රට රටවල ක‍්‍රීඩාවන් ස`දහා භාවිතා කරන ක‍්‍රම වේදයන් සම්බන්‍ධව සාකච්ඡුා කෙරිණ.


ක‍්‍රීඩා නීතිය, ක‍්‍රීඩා අචාර ධර්ම සහ ක‍්‍රීඩාව තුළින් ලෝක සමාය ගොඩ නැගීම සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡුාවට බදුන් වු බව සාකච්ඡුාවට සහභාගිවූ නියෝජිතයෝ කියති. මෙම සාකච්ඡුාව ස`දහා නියෝජිතයෝ 600 කට වැඩි පිරිසක් සහභාගිවුහ.


ඇමැති ජයසේකර මහතා, එහිදී රටවල නායකයන්, ක‍්‍රීඩා ඇමැතිවරුන් මෙන්ම තරුණ කටයුතු නියෝජිතයන් හමුවී ලංකාවේ ක‍්‍රීඩා සංවර්ධනය ස`දහා වු අදහස් හුවමාරු කරගෙන තිබේ. එහිදී ප‍්‍රංශයේ ක‍්‍රීඩා ඇමැති තෙයිරි බ්රෙයිලඞ් මහතා සමග ජයසේකර මහතා විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇති අතර මෙරට ක‍්‍රීඩාවේ දියුණුව සදහා වන කරුණු රැුසක් සාකච්ඡුා කර ඇත.


ශී‍්‍ර ලංකාවේ ක‍්‍රීඩාව දියුණු කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය ගන්නා ක‍්‍රියමාර්ග සදහා ප‍්‍රංශ රජයේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව එහිදී ප‍්‍රංශ ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පවසන ලදී. ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා, වාණිජ කටයුතු හා තරුණ කටයුතු උපදේශක ඇලෙක්සි ගුණසේකර යන මහත්වරුද මෙම සමු`ඵවට සහභාගිවුහ.

 

 


කී‍්‍රඩා ඇමැති ජයසේකර මහතා ප‍්‍රංශයේ ක‍්‍රීඩා ඇමැති තෙයිරි බ්රෙයිලඞ් මහතාට ශී‍්‍ර ලංකාවේ තේ පාර්සලයක් සහ ශී‍්‍ර ලංකාවේ අලි ඇතුන් පිළිබඳ තොරතුරු ඇතුළත් ග‍්‍රන්ථයක් පිරිනැමූ අයුරු

 

- 090

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා දියුණුවට ප‍්‍රංශයේ සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.