Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශී‍්‍ර ලංකා කණ්ඩායම් ප‍්‍රධානීහු ඉන්දියා යති

ශී‍්‍ර ලංකා කණ්ඩායම් ප‍්‍රධානීහු ඉන්දියා යති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානීයා ලෙස බි‍්‍රගේඩියර් දම්පත් ප‍්‍රනාන්දු මහතා පත්ව සිටියි. ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතාද කණ්ඩායම් නියෝජ්‍ය ප‍්‍රධානී ලෙස සංචාරයට එක්වෙයි.

ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් රටවල නියෝජිතයන් දැනුම්වත් කිරීමේ සමුඵවට  සහභාගිවීම සඳහා දම්පත් ප‍්‍රනාන්දු සහ ගාමිණී ජයසිංහ යන මහත්වරු හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් මෙන්ම තරග ඉසව් පැවැත්වෙන ස්ථාන පිළිබඳ පුඵල් අවබෝධයක් ලබාදීම මෙන්ම තවත් කරුණු රැසක් සම්බන්‍ධයෙන් මෙම සමුඵවේදී සාකච්ඡා කෙරෙන බව දම්පත් ප‍්‍රනාන්දු මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

ඉන්දීය ඔලිම්පික් කමිටුව සංවිධානය කරන සමුඵව අනිද්දා (11) සිට මෙම 13 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් නගරයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව ක‍්‍රීඩා උළෙලට සහභාගිවන පාකිස්තානය ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය භූතානය මාලදිවයින සහ නේපාලය යන රටවල නියෝජිතයෝ මෙම සමුඵවට සහභාගිවෙති.

ශී‍්‍ර ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයකු වන දම්පත් ප‍්‍රනාන්දු මහතා 2004/5 වසරේ යුද හමුදාවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂධූරයද දැරීය. 2010 බංග්ලාදේශයේ පැවැති 11 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ නියෝජ්‍ය කණ්ඩායම් ප‍්‍රධානී ලෙස කටයුතු කළ ප‍්‍රනාන්දු මහතා, ස්කොෂ් සම්මේලනයේ හිටපු ලේකම්වරයකුද වේ. ප‍්‍රනාන්දු මහතා වත්මන් ශ‍්‍රී ලංකා අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

බන්ධනාගාර කොමසාරිස්වරයා වන ගාමිණී ජයසිංහ මහතා, ආසියාවේ අපරාධ වැළැක්වීමේ පදනමේ ලේකම්වරයාද වේ. 2014 වසරේ 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ලෙස ද, 2010 බංග්ලාදේශයේ පැවැති 11 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී ලෙස ද කටයුතු කර තිබේ.

ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම්වරයාද වන ජයසිංහ මහතා 2014 වසරේ කොරියාවේ පැවැති 17 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාවෙන් තාක්ෂණික නිලධාරී ලෙස සහභාගිවිය.

දොළෙස්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ. ක‍්‍රීඩකයන් 1505 ක් සහ ක‍්‍රීඩිකාවන් 1167 ක් මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත අතර 1000 කට වැඩි නිලධාරීහු පිරිසක් ද සහභාගිවෙති.
 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායම් ප‍්‍රධානීහු ඉන්දියා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.