Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශාරීරික සුවතා වැඩසටහනක්

ශාරීරික සුවතා වැඩසටහනක්

ශනුක අරවින්ද - 2016 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශරීර සුවතාව පිළිබඳ ප‍්‍රායෝගික වැඩසටහනක් ජුලි 9 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ නිදහස් චතුරස‍්‍රය ආසන්නයේ පිහිටි ‘ආකේඞ්’ පරිශ‍්‍රයේදී පැවැත්වේ. වී. ජී. ඉවෙන්ට්ස් ආයතනය මෙම වැඩසටහන සංවිධානය කරයි.

ඕනෑම කී‍්‍රඩාවක සාර්ථකව නිරතවීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන ශාරීරික යෝග්‍යතාව පිළිබඳව මෙන්ම කිසියම් පුද්ගලයකුට තම ජීවිත කාලය පුරාම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සදහා අවශ්‍ය මානසික සහ ශාරීරික ක‍්‍රියාකාරකම් පිළිබදවද මෙම වැඩසටහනේදී දැනුම්වත් කෙරේ.

තනිව හෝ සිය පවුලේ සාමාජිකයන් සමඟ මෙම අවස්ථාවට පැමිණ ශරීර සුවතාවයේ වැදගත්කම පිළිබදව අවබෝධයක් ලබා ගන්නා ලෙස සංවිධායකයෝ ජනතාවගෙන් ඉල්ලා සිිටිති.

ඇවිදීම, දිවීම සහ පාපැදි පැදයාම පිළිබද මෙම වැඩසටහනේදී දැනුම්වත් කෙරෙන අතර ඒ සදහා  ඕනෑම අයෙකුට සහභාගිවිය හැකිය.

වෛද්‍යවරු, කායවර්ධන උපදේශකවරු, යෝග අභ්‍යාස උපදේශකවරු මෙන්ම ජිම්නාස්ටික් ක‍්‍රීඩා උපදේශකවරු රැසක් මෙම වැඩසටහන මෙහෙයවීම සදහා සහභාගිවෙති. අනුග‍්‍රාහක සමාගම්’හි දායකත්වයෙන් පවත්වන තරගවලින් ජයගන්නා තරගකරුවන්ට ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

මේ පිළිබද වැඩි විස්තර 070 2660670, 070 2660671 හෝ 070 2660672 යන දුරකත අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.

 

- 090

 


අදහස් (0)

ශාරීරික සුවතා වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.