Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයට

ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මියන්මාරයේදී දැන් පැවැත්වෙන 11 වැනි ආසියානු වයස 19න් පහළ (බාලක) වොලිබෝල් තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව නිතරග ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලියේ නව වැනි ස්ථානය ලැබීය. මෙම තරගාවලියේ රටවල් 12 ක් සහභාගිවී සිටි අතර අද (3) පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශ්‍රේණිගත කිරීමේ තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම ඉවත්වීම නිසා ශ්‍රී ලංකාවට එහි නිතරග ජය හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම ඉවත්වීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩකයන් තිදෙනෙකු ඒ වනවිට ආබාධ තත්ත්වයට පත්වීම නිසා බවද වාර්තාවේ.

ඒ අනුව මෙම තරග සංචාරය නිමාවට පත් කළ ශ්‍රී ලංකාව ඊයේ (2) හොං කොං දේශයට එරෙහිව පැවැති ශ්‍රේණිගත කිරීමේ තරගය වට 3/1 කට ජයගත්තේය. මූලික වටයේදී තායිලන්තයට (3/0) හා ජපානයට (3/0) හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද ලක්‍ෂාන් කුමාර මහතාත් කළමනාකරු ලෙස කාන්තසිරි මීගමුවගේ මහතාත් කටයුතු කළහ.

තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (4) පැවැත්වීමට නියමිතය. ජපානය සහ චීනය අතරත් කොරියාව සහ ඉරානය අතරත් අවසන් පූර්ව තරග පැවැත්වේ.

දෙවනි වටයේ තරග නිමාවට පත් කරමින් පැවැති චීනය හා ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් චීනය ජය තහවුරු කර ගැනීමත් සමග ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසුණි. දකුණු ආසියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගි වූහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.