Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා වොලිබෝල් පිල 13 වැනි තැනට

ශ්‍රී ලංකා වොලිබෝල් පිල 13 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ 13 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට අද (31 වැනිදා) සිදුවිය. 13 වැනි සහ 14 වැනි ස්ථාන තේරීම සඳහා පැවැති තරගයේදී වට 3-0 ක් ලෙස වියට්නාමය පරාජය කරමින් ශ්‍රී ලංකාව එම ඉසව්වේ 13 වැනි ස්ථානයට පත්විය.

ලකුණු 25/21 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, එහි දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 25/21 ක් සහ 25/20 ක් ලෙස ජයගනිමින් වට 3-0 ක ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකරගත්හ.

‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලිට එක් වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට සිදුවිය.

ශ්‍රේණිගත කිරීමේ වටයේ තරග වලදී මාලදිවයිනට එරෙහිව වට 3-1 ක් ලෙසද, නේපාලයට එරෙහිව වට 3-1 ක් ලෙසද ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල 13 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.