Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ හොං කොං පිල පරදවති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ හොං කොං පිල පරදවති

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව විසින් හොංකොං දේශය වට 3/1කට පරාජය කරමින් මියන්මාරයේ දී දැන් පැවැත්වෙන 11 වැනි ආසියානු වයස 19න් පහළ වොලිබෝල් (බාලක) තරගාවලියේ දී සිය පළමු ජයග්‍රහණය ලැබීය.

එහිදී මෙම ශ්‍රේණිගත තරගයේ පළමු වටය ජයගත් හොංකොං ක්‍රීඩකයන් හමුවේ තියුණු සටනකට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි වට තුනම ජය ගනිමින් සමස්ත තරගය ලකුණු 23/25, 25/22, 25/20, 25/20ක් ලෙස ජයග්‍රහණයෙන් අවසන් කළේය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් ස්ථානයට පත්වීමේ අවදානමෙන් ගැලවුණු අතර අද (3) බංගලාදේශය සමග ශ්‍රේණිගත කිරීමේ (අවසන්) තරගයට සහභාගි වේ.

එම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් තරගාවලියේ  නවවැනි ස්ථානයට පත්වන අතර එයින් පරාජයට පත්වුවහොත් එහි 11 වැනි ස්ථානය දක්වා පහතට වැටේ. තරගාවලියට සහභාගිවී සිටින මුළු රටවල් ගණන 12කි.


කෙසේ වුවත් ශ්‍රී ලංකාවට ඊයේ පරාජයට පත්වූ හොංකොං දේශය ඊයේ පැවැති තවත් තරගයක දී වට 3/2 කට බංගලදේශයට පරාජයට පත්වීමත් සමග අද තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට බංගලාදේශය පත්විය.

ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියට සහභාගිවීමේ දී මූලික වටයේදී තායිලන්තයට (3/0) හා ජපානයට (3-0) පරාජයට පත්විය.

ඊයේ තරගය පැය 1 විනාඩි 41ක් පුරා පැවති අතර හොංකොං දේශය ඊයේ වනවිට තරගාවලියේ සහභාගි වූ තරග හතරෙන්ම පරාජයට පත්ව තිබුණි.

මූලික වටයේදී සත්කාරක මියන්මාරය (3-0) හා ඕස්ටේ්‍රලියාවට (3-0) ඔවුහු පරාජය වූහ. මහේෂ් බණ්ඩාර, දමිඳු පිරිස්, දිනිඳු තිසේරා, කස්තුරි සේනාධීර, තාරක ජයලත් (ආදේශ), සඳරුවන් මාරගල හා රොෂාන් පෙරේරා ඊයේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළහ.

 අනිද්දා (5) අවසන් මහ තරගය පැවැත්වීමෙන් පසුව නිමාවට පත්වන මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළා හෙට (3) දිවයිනට ළඟාවීමට නියමිතය.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ හොං කොං පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.