Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා පිල ඉරිදා තරග බිමේ

ශ්‍රී ලංකා පිල ඉරිදා තරග බිමේ

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 16ක සහභාගිත්වයෙන් වියට්නාමයේ ‘හැනෝයි’ නගරයේදී ඉරිදා (10) ආරම්භ වන 16 වැනි ආසියානු කනිෂ්ඨ (කාන්තා) වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්ථානයට එරෙහිව මූලික වටයේ සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතය.  මේ මස 17 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව මූලික වටයේදි ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදීමේදී නවසීලන්තය හා මලයාසියාවට එරෙහිව තවත් තරග දෙකකට සහභාගිවීමට නියමිතය. 

ආණමඩුව මධ්‍යම මහ විදුහලේ කි්‍රීඩිකා එම්. එම්. දිනූෂා දිල්රුක්‍ෂි ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකාව ලෙස කටයුතු කරයි.

සංචාරක ශ්‍රී ලංකා කණිෂ්ඨ වොලිබෝල් (කාන්තා) කණ්ඩායම:- දිනූෂා දිල්රුක්‍ෂි (නායිකා-ආනමඩුව ම.ම.වි.), ෂිහාරා සෙව්මිණි (ආණමඩුව ම.ම.වි), රෂිනි ඉෂාරා (නාත්තන්ඩිය), ධම්මිස්සර මැදි විදුහල), අයි.අයි. සෙව්වන්දි/නිදහස්), සංසලා නෙත්මිණි/ මාකොල තරුණ සේවා), නිපුණි අයේෂා/ ආණමඩුව මැදි විදුහල), පියුමි භාෂිනි (ආණමඩුව ම.ම.වි.), රිෂාන්ති බාලසූරිය/කොළඹ ලුම්බිණි), නෙත්මි කෞෂලි නවාංජලි (හුංගම විජයබා ජාතික පාසල), කෞෂලා සෙව්වන්දි (ඇහැලියගොඩ ධර්මපාල ම.වි.), රිද්මිකා සංජීවනී (ආනමඩුව මධ්‍ය මහ විදුහල) 
කළමනාකරු
:-  කර්නල් මංජුල ප්‍රදීප් කාරියවසම්, ප්‍රධාන පුහුණුකරු:- සුධම්ම විමලවීර, සහාය පුහුණුකරු:- තාරක රත්නවීර, අභ්‍යාසක:- මොරිස් චාමින්ද, කි්‍රීඩිකාවන් භාර නිලධාරිනිය:- පුෂ්පා බොතේජු.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ඉරිදා තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.