Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් විනිසුරු මුල්පුටුව විමල් අමරසිංහට

වොලිබෝල් විනිසුරු මුල්පුටුව විමල් අමරසිංහට

නාමල් පතිරගේ - 2020 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා (2020-21) ලෙස හිටපු ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරුවරයකු වන විමල් අමරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. ඔහු සබරගමුව පළාත් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරයා මෙන්ම මෙරටින් බිහි වූ පළමු ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරුවරයා ද වේ.

 මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැති මෙවර නිලවරණයේදී සභාපති ධුරයට පත් විමල් අමරසිංහ මහතා ඡන්ද 98 ක් ලබා ගත්තේය. ඊට තරග වැදුණු ටී.සී. හේවා මහතාට ඡන්ද 87 ක් ලැබුණි.

හිටපු සභාපති, ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරු ප්‍රියන්ත සෙනවිරත්න මහතා මෙවර සභාපති ධුරයට ඉදිරිපත් නොවීය.

උපසභාපතිධුර තුනක් සඳහා  අපේක්ෂකයන් අට දෙනකු තරග වැදුණි. එහිදී ප්‍රභාත් ඉන්දික හා ප්‍රියන්ත සෙනවිරත්න යන මහත්වරු 96 ක් බැගින් වන සම ඡන්ද ලබමින් ඒ සඳහා තේරී පත්වීම කැපී පෙණුනි.

උපසභාපති ධුරය සඳහා තරග වැදී පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරින් ඩබ්.ඩී.එස්. මඩුවාවල මහතා ඡන්ද 84 ක් ලැබීය.

නියෝජ්‍ය ලේකම් ධුරයට පැවැති තියුණු සටනේදී ඩබ්.කේ.එන්.ආර්. ජයසේකර හා ඩබ්.පී.කේ. මනෝදරගෙදර යන මහත්වරු 100 ක් බැගින් වන සම ඡන්ද ගණනක් ලැබූ බැවින් ඔවුන් දෙදෙනාම සම නියෝජ්‍ය ලේකම්වරු ලෙස ප්‍රකාශයට පත්විය.

කපිල බන්නැහැක මහතා ප්‍රධාන ලේකම් ධුරයට පත්වූයේ මෙවර වොලිබෝල් විනිසුරුවන්ගේ නිලවරණයේදී නිතරගයෙන් පත් වූ එකම අපේක්ෂකයා බවට පත්වෙමිනි.

කාරක සභාවේ සාමාජික ධුර 13 ක් සඳහා අපේක්ෂකයන් 28 දෙනකු නාම යෝජනා බාර දීමෙන් එහි ඡන්ද විමසුම ද උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී වැඩිම ඡන්ද ගණන වන ඡන්ද 108 ක් ලබා කාරක සභික ධුරයට පත්වූයේ ළහිරු දිල්ෂාන් ලියනආරච්චි මහතායි.


ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ නව නිලධාරි මණ්ඩලය (2020-21)
• සභාපති:- විමල් අමරසිංහ මහතා (ඡන්ද 98)
• ප්‍රධාන ලේකම්:- කපිල බන්නැහැක මහතා (නිතරගයෙන්)
• භාණ්ඩාගාරික:- ආර්.පී.එන්. ලෙනෝරා මහතා (111)
• උප සභාපතිවරු (ධුර 3):- ප්‍රභාත් ඉන්දික (96), ප්‍රියන්ත සෙනවිරත්න (96) හා එච්.ජී. සුමතිපාල (87) යන මහත්වරු.
• නියෝජ්‍ය ලේකම්:- ඩබ්.කේ.එන්.පී. ජයසේකර හා ඩබ්.පී.කේ. මනෝදරගෙදර යන මහත්වරු ඡන්ද 100 ක් බැගින් ලබා සම වූ බැවින් ඔවුන් දෙදෙනාම එම ධුරයේ කටයුතු කරයි.
• ජාත්‍යන්තර සබඳතා නිලධාරි:- ඒ.එන්.ජී.එම්. අමරනාත් මහතා (94)
• කාරක සභාව (ධුර 13):- ළහිරු දිල්ෂාන් ලියනආරච්චි (108), කේසර පංචාල බෙනරගම (107), සී.පී.කේ. ජාපාවත්ත (99), එන්.ඒ.පී.ඒ.ඒ. නෙත්තසිංහ (96), එස්.කේ. ක්‍රිස්ටෝපර් (88), ආර්.එම්.එස්.කේ. රණතුංග (83), ආර්.එම්. ලබුතල, (82), එන්. සුනේෂ් කුමාර් (80), එන්. වික්‍රමරත්න (79), කේ.ජී. ශාන්ත (75), එල්.ජී. සුජිත් (74), ජේ.ඒ. රවීන්ද්‍ර (71), සුජීව කිරිමැටියාන (65) යන මහත්වරු.


අදහස් (0)

වොලිබෝල් විනිසුරු මුල්පුටුව විමල් අමරසිංහට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.