Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණුකරුවන්ගේ වැඩමුළුවට අයැදුම්පත් කැඳවයි

වොලිබෝල් පුහුණුකරුවන්ගේ වැඩමුළුවට අයැදුම්පත් කැඳවයි

editorial - 2021 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ දෙදින පුහුණු වැඩමුළුව සඳහා දැන් අයැදුම්පත් කැඳවේ. මෙම වැඩමුළුව මේ මස 27-28 දෙදින ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වොලිබෝල් ආධුනික පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන දිස්ත්‍රික් වොලිබෝල් පුහුණුකරු වැඩමුළු මාලාව යටතේ එය සංවිධානය කෙරේ. කොළඹ පුහුණු වැඩ මුළුව සඳහා කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය හා ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමය සහයෝගය දක්වයි.

අයැදුම්පත් මහින්ද බණ්ඩාර මහතා, සභාපති, කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, අංක 39, නිකපේ, දෙහිවල යන ලිපිනයට යොමුකළ යුතුය. නැතහොත් දුරකථන අංක 0777-699032 ඔස්සේ විමසිය හැකිය‍


අදහස් (0)

වොලිබෝල් පුහුණුකරුවන්ගේ වැඩමුළුවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.