Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණුකරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

වොලිබෝල් පුහුණුකරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

editorial - 2020 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා ආසියානු කලාප වොලිබෝල් හුවමාරු පුහුණුකරු (ඉංග්‍රීසි මාධ්‍ය) පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් අපේක්ෂකයන් නිර්දේශ කිරීම සඳහා මෙම 26 වැනිදා දක්වා අයැදුම්පත් බාරගැනේ. ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණය මෙම 27 වැනිදා පෙරවරු 10 ට රීඩ් මාවත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වේ.

ආසියානු වොලිබෝල් සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් අයැදුම්පත් යොමුකිරීමෙන් පසු එම සම්මේලනය විසින් ද අන්තර්ජාලය ඔස්සේ එම අයදුම්පත් ඉදිරිපත් කළ පුහුණුකරුවා තවත් සම්මුඛ පරික්ෂණයකට භාජනය කිරීමෙන් පසුව මෙම පාඨමාලාව සඳහා තෝරාගැනේ.

වයස 35 ට අඩු ඉංග්‍රීසි භාෂාව හා පරිගණකය හොඳින් හැසිරවිය හැකි වෘත්තීය සුදුසුකම් සහිත වොලිබෝල් පුහුණුකරුවන්ට හා පුහුණුකාරිණියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව වොලිබෝල් සම්මේලනය පවසයි.

අයදුම්පත් analaka@gmail.com යන විද්යුත් තැපෑලට යොමුකළ හැකිය. නැතහොත් දුරකතන අංක  0112669344 ඔස්සේ විමසීම් කළ හැකිය.


අදහස් (0)

වොලිබෝල් පුහුණුකරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.