Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් මුල් පුටුව ඇමතිවරයකුට

වොලිබෝල් මුල් පුටුව ඇමතිවරයකුට

Nisanka Sandeepani - 2017 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙට (සෙනසුරාදා) පෙරවරු 9.00 ට රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කට් වයිට් ශ්‍රවනාගාරයේදී  පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේදී (2017/21) ප්‍රධාන තනතුරු සියල්ල සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්ව සිටියත් විධායක කමිටුවේ සභිකයන් 11 දෙනකු පත්කරගැනීම සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට සිදුව තිබේ.  ඊට හේතුවී ඇත්තේ ඒ සඳහා නාමයෝජනා 15 ක් ඉදිරිපත්ව තිබීමය. 

ඉන් නාම යෝජනා හතරක් ඉවත්කර ගැනීම හැරෙන්නට ඉතිරිව ඇත්තේ  විධායක කමිටුවේ සභිකයන් 11 දෙනා ඡන්ද විමසුමක් පවත්වා තෝරා ගැනීමටයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරි සිව් වසරක කාලයක්  සඳහා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට මේ වනවිටත් නිතරගයෙන් පත්ව සිටියි. දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමය නියෝජනය කරමින් මෙවර ජාතික වොලිබෝල් මුල් පුටුව බාර ගැනීමට නියමිත ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ වත්මන් සභාපතිවරයා ද වෙයි. 

වෙළඳ සේවා වොලිබෝල් සංගමයේ ලේකම් ඒ. එස්. නාලක මහතාද නැවතත් එම ධුරයට නිතරගයෙන් පත්ව සිටී. 

වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන හිටපු ඇමැති අභාවප්‍රාප්ත  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන නියෝජ්‍ය ඇමැතිනී වෛද්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා වත්මන් උප සභාපතිවරයකු වන සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා මෙවර නිලවරණයේ දී උපසභාපති ධුර සඳහා නිතරගයෙන් පත්ව සිටිති. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ව්‍යවස්ථාපිත හා විශේෂ යන පරිදි කාණ්ඩ තුනකට අයත් වොලිබෝල් සංගම් 106ක් මෙවර නිලවරණයට සුදුසුකම් ලබා සිටිති. 

වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති එරන්දික වැලිඅංගගේ මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ. 1931 දී ජාතික වොලිබෝල් සංගමය  ශ්‍රී ලංකාවේ  මුල්වරට ස්ථාපිත කිරීමෙන් පසුව වසර හතරක නිල කාලයක් සඳහා එහි නිලවරණය පැවැත්වෙන්නේ පළමු වතාවටය. 

වසර 1816 දී ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දීමෙන් පසුව වොලිබෝල් සම්මේලනය පසුගිය වසරේ දී (2016) ශ්‍රී ලංකාවේ වොලිබෝල් ශත සංවත්සරය පවත්වනු ලැබීය.

ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මෙහෙයවන කමිටුව සුසිල් රණසිංහ (සභාපති), නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හා රෝහණ ජයරත්න  යන මහත්වරුන්ගෙන් සමන්විතය. වොලිබෝල් සම්මේලනයේ මෙතෙක් වැඩිම කාලයක් සභාපති ධුරය දරා ඇත්තේ වසර 10 ක් තිස්සේ එම ධුරය දරමින් සිට 2015 දී ඉන් ඉවත් වූ වත්මන් මහාමාර්ග සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාය.

වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයේ එදා මෙදා තුර කටයුතු කළ දේශපාලනඥයන් අතර හිටපු ඇමැතිවරුන් වන ටී.බී. වික්‍රමසිංහ, රොනී ද මැල්, රෙජි රණතුංග, මර්වින් ජේ. කුරේ සහ අශෝක වඩිගමංගාව යන මහත්වරුද සිටිති. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2017-21) නව නිලධාරී මණ්ඩලය.
■    සභාපති ධුරයට:- විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා (දෙහිඕවිට - නිතරගයෙන්)
■    ප්‍රධාන ලේකම් ධුරයට:- ඒ.එස්. නාලක මහතා (වෙළෙඳ සේවා - නිතරගයෙන්)
■    භාණ්ඩාගාරික ධුරයට:- තුෂාර සම්පත් මහතා (අයගම - නිතරගයෙන්)
■    උප සභාපති ධුර (6):- නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ (කටාන), සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න (ඇහැලියගොඩ), නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා (බද්දේගම), ටී.ආර්.සී. රත්නමුදලි (වෙරළ වොලිබෝල්), චන්දන විජේසිංහ (කුරුණෑගල), රංතිලකා ජයවීර (පාසල්) යන මහත්ම මහත්මීහු 
■    නියෝජ්‍ය ලේකම් ධුර (2):- සමන් අබේවර්ධන (බියගම) හා ගුවන් කොමදෝරු රාජ් නිශාන්ත තිලකසිංහ (ගුවන් හමුදා) යන මහත්වරු සියලු පත්වීම් (නිතරඟයෙන්)
■    නියෝජ්‍ය භාණ්ඩාගාරික:- කේ. ජගත් ප්‍රනාන්දු මහතා (ගලිගමුව - නිතරගයෙන්) 
■    ක්‍රීඩාපිටි ලේකම්:- ටී.එච්.එම්. ධනපාල ජයපත්ම මහතා (දන්කොටුව - නිතරගයෙන්)
■    ප්‍රධාන සංවිධායක:- රොහාන් සෝමවංශ මහතා (කඩුවෙල - නිතරගයෙන්)
■    විධායක සභාව (11) - නාමයෝජනා 15 ක් ලැබී තිබේ.:- කාන්තසිරි මීගමුවගේ (කළුතර), ක්‍රිෂාන්ත ජයවර්ධන (දොම්පේ), මේජර් සචින්ත සූරියබණ්ඩාර (යුද හමුදාව), ක්‍රිෂ්ණපිල්ලේ මනෝහරන් (යාපනය), සී.ආර්.එච්.ඩී. පොළොන්නගල (කෑගල්ල), පී.එච්.ඒ. අරුණශාන්ත (පොළොන්නරුව), එම්.සී.එම්. ප්‍රනාන්දු (මීරිගම), කන්දසාමි යෝගරත්නම් (ත්‍රිකුණාමලය), අජන්ත උපුල් දහනායක (විශ්වවිද්‍යාලය), ජී.ටී.එස්.කේ. අබේසිරිවර්ධන

 

 


අදහස් (0)

වොලිබෝල් මුල් පුටුව ඇමතිවරයකුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.