Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සම්මේලන නිලවරණය කල්යයි

වොලිබෝල් සම්මේලන නිලවරණය කල්යයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විගණන වාර්තාවට අනුමැතිය ලැබීම ප්‍රමාද වීම නිසා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙම 27 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ වොලිබෝල් සම්මේලනයේ නිලවරණය ලබන ජුලි 3 වැනිදා පැවැත්වීමට සම්මේලනය පෙරේදා (8) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.

ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීමට නම් අවම වශයෙන් සති දෙකකටවත් පෙර එහි විගණන වාර්තාව සාමාජිකත්වය වෙත ලබා දිය යුතුය. එබැවින් වොලිබෝල් සම්මේලනයේ ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දීමට තීරණයක් කර ඇතැයිද වාර්තා වේ.

වොලිබෝල් සම්මේලන නිලවරණයේ නාම යෝජනා ඉකුත්දා විවෘත කළ අතර එහිදී සියලු තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්ව තිබේ. විදුලිබල, බල ශක්ති හා පුනර්ජනනීය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට නිතරගයෙන් පත්ව සිටියි.

වත්වන් ලේකම් ඒ.එස්. නාලක මහතාත් නැවත වරක් නිතරගයෙන්ම ලේකම් ධුරයට පත්වී තිබේ. නාගරික සංවර්ධන හා ජලාපවහන රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපසභාපති ධුරයක් සඳහා නිතරගයෙන් පත්ව සිටීමද කැපී පෙනේ.

මෙම 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේසී ඡන්දය ප්‍රකාශ කිරීමට දිවයිනේ වොලිබොල් ක්‍රීඩා සංගම් 103 ක් සුදුසුකම් ලබා තිබුණි.

ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම 31 වෙනිදාට පෙර ජාතික ක්‍රීඩා සංගම් නිලවරණය (පාපන්දු සම්මේලනය හැරෙන්නට) පවත්වා අවසන් කරන ලෙස ක්‍රීඩා ඇමතිවරයා ලබා දී තිබෙන නියෝගය මේ වන විට ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවයි. ඊට හේතු වී ඇත්තේ නිලවරණය පැවැත්වීමට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක් මේ වන විට දින යොදාගෙන තිබුණත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ක්‍රීඩා සංගම් බහුතරයක ගිණුම් වාර්තාවලට මේ දක්වා අනුමැතිය නොලැබීමය.

 


අදහස් (0)

වොලිබෝල් සම්මේලන නිලවරණය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.