Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙළෙඳ සේවා තරග අගෝස්තුවේදී

වෙළෙඳ සේවා තරග අගෝස්තුවේදී

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා ප්‍රධාන පෙළේ සමාගම් සහ ආයතන 100 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ.

වෙළඳ සේවා ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලික අංශය තුළ රැකියා අවස්ථා ලබාදීම අරමුණු කරගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

සුපර් ලීග් තරගාවලිය, ශූරතා තරගාවලිය සහ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලිය ලෙස කාණ්ඩ තුනක් යටතේ මෙහිදී තරග පැවැත්වේ. මෙහි මූලික වටයේ තරග අගෝස්තු මස අග භාගයේ පැවැත්වීමටත්, අවසන් තරග සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව සඳහා රුපියල් 150,000 ක සහ කාන්තා අංශයේ ශූරතාව සඳහා රුපියල් 100,000 ක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ශූරතා තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව සඳහා රුපියල් 100,000 සහ කාන්තා අංශයේ ශූරතාව සඳහා රුපියල් 80,000 ක් පිරිනැමේ.

එම මුදල් ත්‍යාගද සමගින් කාණ්ඩ තුනේම ශූරයන්, අනුශූරයන් සහ තෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් වෙනුවෙන් මෙවර පිරිනැමෙන මුදල් ත්‍යාගවල මුලු වටිනාකම රුපියල් මිලියන 2 කට ආසන්න වේ. ඊට අමතරව තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට යතුරුපැදියක් බැගින් ලබාදීමටද සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම අගෝස්තු මස 16 වැනිදායින් අවසන් වන අතර තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 071-0682682 (චන්දන විජේසිංහ මහතා) හෝ 077-6485456 (බුද්ධි වීරක්කොඩි මහත්මිය) ඇමතීමෙන් ලබාගත හැකිය.

- 036


අදහස් (0)

වෙළෙඳ සේවා තරග අගෝස්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.