Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball විදුලිබල මණ්ඩලය - වරාය අවසන් සටනට

විදුලිබල මණ්ඩලය - වරාය අවසන් සටනට

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ පිරිමි සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය සමත් විය. එම කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ තරග සඳහා පිරිමි කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා සිටි අතර විදුලිබල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, නාවික හමුදාව සහ මාස් ලෙෂර් ලයින් එම කණ්ඩායම් 8 විය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 3-2 ක් ලෙස මාස් ලෙෂර් ලයින් කණ්ඩායම පරාජය කරමින් විදුලිබල මණ්ඩලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර වරාය අධිකාරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 3-1 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී වට 3-0 ක් ලෙස මාස් ලෙෂර් ලයින් කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර 25/16 ක්, 26/24 ක් සහ 25/19 ක් ලෙස එම තරගයේ ලකුණු තත්වය සටහන් විය.


පළමු අවසන් පූර්ව තරගය
විදුලිබල මණ්ඩලය විසින් වට 3-2 ක් ලෙස මාස් ලෙෂර් ලයින් කණ්ඩායම පරාජය කරන ලදි. (25/17, 25/10, 27/29, 18/25, 15/9)

දෙවැනි අවසන් පූර්ව තරගය
වරාය අධිකාරිය විසින් වට 3-1 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි. (25/23, 28/26, 23/25, 25/19)
 
තෙවැනි ස්ථානය තේරීමේ තරගය
යුද හමුදාව විසින් වට 3-0 ක් ලෙස මාස් ලෙෂර් ලයින් පරාජය කරන ලදි. (25/16, 26/24, 25/19)

 


අදහස් (0)

විදුලිබල මණ්ඩලය - වරාය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.