Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 16 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි විවෘත පිරිමි අවසන් මහ තරගයේදී වරාය අධිකාරය සහ විදුලිබල මණ්ඩලය තරග වදින අතර විවෘත කාන්තා අවසන් මහ තරගයේදී යුද හමුදාව සහ ගුවන් හමුදාව තරග වැදීමට නියමිතය.
නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ පොලොන්නරුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.
සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වීමට නියමිතය.
අවසන් මහ තරග කාලසටහන
වයස 22 න් පහළ (කාන්තා)
පෙරවරු 9.00 - මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ පොලොන්නරුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය අතර
වයස 22 න් පහළ (පිරිමි)
පෙරවරු 11.00 - නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය අතර
විවෘත කාන්තා
පස්වරු 1.00 - යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර
විවෘත පිරිමි
පස්වරු 3.00 - වරාය අධිකාරය සහ විදුලිබල මණ්ඩලය අතර
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.