Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ප්‍රවීනයන්ගේ තරගාවලිය රත්නපුරේදී

ප්‍රවීනයන්ගේ තරගාවලිය රත්නපුරේදී

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීනයන්ගේ සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් ප්‍රවීනයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ප්‍රවීනයන්ගේ ජාතික වොලිබෝල් තරඟාවලිය දෙසැම්බර් මස 3 සහ 4 දිනයන්හි රත්නපුර සීවලී මහජන ක්‍රීඩාංගනයදී පැවැත්වේ. දින දෙකේදීම පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා තරග පැවැත්වේ.


මෙම තරගාවලිය සඳහා මේ වන විට කාන්තා සහ පිරිමි කණ්ඩායම් 43 ක් පමණ අයදුම්ත් යොමුකර ඇතැයි  ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීනයන්ගේ සංගමයේ සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා පවසයි.


වයස අවුරුදු 35 න් ඉහළ (කාන්තා) කණ්ඩායම් සහ වයස අවුරුදු 40-49 අතර (පිරිමි), වයස 50--59 අතර (පිරිමි) වයස 60 න් ඉහළ (පිරිමි) කණ්ඩායම් වශයෙන් මෙම තරග පැවැත්වේ.


සෑම වයස් කාණ්ඩයකම ශූරයන්ට රුපියල් 20,000 ක් බැගින් වන මුදල් ත්‍යාගයක් සහ අනුශූරයන්ට රුපියල් 15,000 ක් බැගින් වන මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. ඊට අමතරව ශූරයන්ට සහ අනුශූරයන්ටත් දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ත්‍යාග හා සහතිකපත් සමඟ ජය සංඛේත ප්‍රදානය කෙරේ.


ජය සංඛේත ප්‍රදානෝත්සවය සඳහා ප්‍රවීනයන්ගේ වොලිබෝල් සංගමයේ අනුශාසිකා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සහ කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සහභාගිවීමට නියමිතයි.


අදහස් (0)

ප්‍රවීනයන්ගේ තරගාවලිය රත්නපුරේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.