Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පරාජය සෙවීමට පංච පුද්ගල කමිටුවක්

පරාජය සෙවීමට පංච පුද්ගල කමිටුවක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී නිමාවට පත් වූ පළමු ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව සෞදි අරාබියට පරාජයවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම සම්මේලනයේ සභාපති. විදුලිබල පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි එම විමර්ශනය සිදුකෙරේ.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා වෙරල වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයායි. කමිටුවේ ලේකම්ධුරයට වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන සුසිල් රණසිංහ මහතා පත් කර තිබේ. සී. රත්නමුදලි, සුසාර සම්පත් සහ ධනපාල ජයපත්ම යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

සෞදි අරාබිය සමග පැවැති එම මූලික වටයේ තරගයක් ශ්‍රී ලංකාව වට 3/1 ක පරාජයක් ලැබීය. එහිදී ශ්‍රී ලංකාව පළමුවටය ලකුණු 25/22 ක් ලෙස ජය ගැනීමට සමත් වූවත් ඉතිරි තරග වට තුනම ලකුණු 25/22, 25/19, 25/20 ක් ලෙස පරාජයට පත් වීමෙන් එම තරගය ද පරාජයට පත් විය.

එදින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුළත් කිරීමට පියවර නොගැනීමෙන් එය ශ්‍රී ලංකාවේ පරාජයට බලපෑමක් වූවාද යන්න පිළිබඳ එහිදී කමිටුව මගින් විමර්ශනයක් සිදුකෙරෙන බව ‘ලංකාදීප’ය කළ විමසුමකදී වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසීය.

එළඹෙන (2019) ආසියානු කුසලාන වොලිබෝල් ශුරතා (පිරිමි) තරගාවලියට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් බංගලාදේශය පරාජයට පත් කරන ලදී. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ඉරාකය තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ද සමත් විය.

විමර්ශන කමිටුව අනිද්දා (26) පස්වරුවේදී වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා මුණගැසෙමින් විමර්ශනය එදින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පෙර අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව වට 3/0කින් එමීර් රාජ්‍යය පරාජය කළේය.

 


අදහස් (0)

පරාජය සෙවීමට පංච පුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.