Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball දස්කම් ඇගයීමේ උත්සවය හෙට

දස්කම් ඇගයීමේ උත්සවය හෙට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙස් විදෙස් කෙළිබිමේ දස්කම් දැක්වූ කරන්දෙණිය මධ්‍ය විදුහල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය හෙට (3 වැනිදා) පෙරවරු 10.00 ට විද්‍යාලයේ ආදිශිෂ්‍ය චමින්ද කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත් වේ. චමින්ද කුමාර මහතා ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයෙකි.

විදුහලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් කිරීම වෙනුවෙන් කරන්දෙණිය මධ්‍ය විදුහල් ක‍්‍රීඩා මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන මේ උත්සවයේදී ක‍්‍රිකට්, වොලිබෝල්, මළල ක‍්‍රීඩා, කරාටේ, බැඞ්මින්ටන් සහ මේසපන්දු යන ක‍්‍රීඩා වලින් දෙස් විදෙස් කෙළිබිම ජයගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 50 දෙනෙකු අද ඇගයීමට ලක් කෙරේ.

ශිෂ්‍යභට බලකායේ වාර්ෂික ශූරතාව වන ‘හර්මන්ලූස්’ කුසලානය 1964 වසරේදී කරන්දෙණිය මධ්‍ය විදුහලට දිනා දීමට ඇප කැපවූ, එවකට ශිෂ්‍යභට සැරයන්ව සිටි, පියදාස මුණසිංහ මහතාට උපහාර දැක්වීමද අද පැවැත්වේ.

 


අදහස් (0)

දස්කම් ඇගයීමේ උත්සවය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.