Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තේරීම් තරග 22-23 දිනවල

තේරීම් තරග 22-23 දිනවල

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ශූරතා රෝද පුටු වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන තේරීමේ තරග මෙම 22, 23 දෙදින කුරුණෑගල බෝයගනේ විජයබා පාබල හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා දිවයිනේ ඕනෑම ආබාධිත ක්‍රීඩකයකුට සහභාගී විය හැකි අතර ඔවුන් එදින පෙරවරු 8.30ට එම ස්ථානයට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (ආබාධිතයන්ගේ) සම්මේලනයේ ලේකම් කරුණාරත්න වික්‍රමසිංහ මහතා පවසයි.

ආසියානු ශූරතා තරගාවලිය ලබන ජුනි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා චීනයේ ‘ෂැංහයි’ නුවර දී පැවැත්වේ. මෙය එහි ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වන බවද වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (ආබාධිතයන්ගේ) සම්මේලනයේ උපසභාපති තිස්ස වික්‍රමරත්න (දුරකතන අංක 0773856731) මහතා ඇමතීමෙන් මෙම තේරීම් තරගාවලිය පිළිබඳව වැඩි තොරතුරු ලබා ගත හැකිය.

 


අදහස් (0)

තේරීම් තරග 22-23 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.