Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තේරීම් කමිටුවට නාමයෝජනා 10 ක්

තේරීම් කමිටුවට නාමයෝජනා 10 ක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් ක්‍රීඩාව සඳහා නව තේරීම් කමිටුවක් පත්කර ගැනීමට ක්‍රීඩාවේ  ප්‍රවීණයන් 10 දෙනෙකුගේ නම් නව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යොමු කර ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තේරීම් කමිටුව සඳහා රංජිත් ප්‍රේමරත්න, එන්.ඩී. ගුණසේන, ස්වර්ණා මල්කාන්ති, සරත් විජේතුංග, අජිත් නෙත්තසිංහ, ඒ.සී. ඒකනායක, චමිලා නදි හේරත්, ජී. ජයන්ත, විමලජිව වනිගරත්න සහ ටී.සී, හේවා යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා කරනු ලැබ තිබේ.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් වොලිබෝල් තේරීම් කමිටුවට  නිර්දේශ කර ඇති අතර ඉන් 5 දෙනෙකු හෝ 7 දෙනකුට කි්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවීමට නියමිතය.

ලබන ජුලි 24 සිට අගෝස්තු 1 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය සහ අගෝස්තු 9 සිට 17 දක්වා පිලිපීනයේ පැවැත්වීමට  නියමිත ආසියානු ශූරතා කාන්තා තරගාවලියට යැවෙන ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙක තේරීම අලුතින් පත් කෙරෙන නව තේරීම් කමිටුවේ පළමු කාර්ය වේ.

 


අදහස් (0)

තේරීම් කමිටුවට නාමයෝජනා 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.