Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තහනම් උත්තේජක නිවාරණ පා ගමනට මහ පිරිසක්

තහනම් උත්තේජක නිවාරණ පා ගමනට මහ පිරිසක්

ශනුක අරවින්ද - 2015 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති තහනම් උත්තේජක නිවාරණය කිරීමේ ශ‍්‍රී ලංකා නියෝජිත ආයතනය සංවිධානය කළ පා ගමනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, හිටපු ආරම්භක පිතිකරු මෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ වත්මන් සභාපති සිදත් වෙත්තමුණි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

පාගමන අවසානයේදී තහනම් උත්තේජක නිවාරණයට කි‍්‍රයාකාරීව දායකවීමේ පුහුණුකරුවන්ගේ විශේෂ ප‍්‍රතිඥාව ශී‍්‍ර ලංකාවේ හිටපු විශිෂ්ටතම කී‍්‍රඩිකාවක වන ශි‍්‍රයාණි කුලවංස විසින් කියවන ලදි.

ශී‍්‍ර ලංකාවේ සිටි විශිෂ්ටතම මලල කී‍්‍රඩකයකු වන සුනිල් ගුණවර්ධන, ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක කරුණාරත්න, ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, සාමාජිකයන් වන නුවන් කුලසේකර සහ රංගන හේරත්, මලල කී‍්‍රඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ඇතුළු රැසක්ම මෙම පා ගමනට සහභාගි වූහ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් මෙම පාගමනට සහභාගි වීමට සූදානමින් සිටි නමුත් අවසන් මොහොතේදී එම තීරණය වෙනස් වී තිබිණ. එසේ වුවත් ජාතික ක‍්‍රීඩා සංගම්, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදා, පොලිස්, තරුණ සේවා සභා විශ්ව විද්‍යාල සහ පාසල් ආදී අංශයන් නියෝජනය කරමින් 1500 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නව කලා භවන අසළින් ආරම්භ වු පා ගමන නෙළුම් පොකුණ මංසන්දියෙන් නිදහස් මාවතට පැමිණ නිදහස් චතුරස‍්‍රය අබියසින් නිමා විය.

වත්මන් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ මහත් උවදුරක්ව පවතින තහනම් උත්තේජක භාවිතය ඉවත්කර නිවැරදි ක‍්‍රම වේදයකින් ක‍්‍රීඩා කිරීමේ වැදගත්කම පෙන්වීම මෙම පාගමනේ අරමුණ විය.

ඡායාරූප - ගයාන් අමරෙස්කර

-090

 


අදහස් (0)

තහනම් උත්තේජක නිවාරණ පා ගමනට මහ පිරිසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.