Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තිස්සපුර විදුහලට ශූරතා 3ක්

තිස්සපුර විදුහලට ශූරතා 3ක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදී අද (3) ආරම්භ වූ ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවේදී ශූරතා තුනක් දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විදුහල සමත් විය.

මෙම තරගමාලාවේ අවසන් මහ තරග 10න් තවත් තරග හතරක් හෙට (4) මහරගමදී පෙරවරු 8 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර අති තියුණු මුහුණුවරක් ගැනීමෙන් අද රාත්‍රිය දක්වා ඇදී ගිය වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර තරගය වට 3/2කට ජය ගැනීමට ජෝශප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරග මාලාවේ ජය සංකේත ප්‍රදානෝත්සවය හෙට  පස්වරු 5ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවේ අද (3) පැවැති අවසන් මහ තරග ප්‍රතිඵල.

 

(වයස 11 න් පහළ - බාලිකා)
* අම්පාර උහන තිස්සපුර විදුහල විසින් අනුරාධපුරය සියඹලාගස්වැව මැදගම විදුහල වට 2/0 කින් පරාජය කරන ලදී (15/08 - 15/07)
* විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- දිනේෂි මධුෂානි (තිස්සපුර විදුහල), දක්ෂතම ප්‍රහාරිකාව:- හර්ෂනී නිසංසලා (තිස්සපුර විදුහල), දක්ෂතම ක්‍රීඩිකාව:- සුලක්ෂණා පසිදුණි (තිස්සපුර විදුහල).
* තෙවැනි ස්ථානය:- උඩුගම්පොල රෙජී රණතුංග විදුහල.

 

(වයස 11 න් පහළ - බාලක)
හලාවත රදගුරු එඞ්මන්ඞ් පීරිස් විදුහල විසින් නාත්තන්ඩිය ජනාධිපති විදුහල වට 2/0 කින් පරාජය කරන ලදී (15/14 - 15/08)
 * තෙවැනි ස්ථානය:- දෙකටන පද්මාවතී මධ්‍ය මහ විදුහල.
* විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නා:- නිරෝෂ සංකල්ප (එඞ්මන්ඞ් පීරිස් විදුහල), දක්ෂතම ප්‍රහාරකයා:- පසිඳු ලක්ෂාන් (නාත්තන්ඩිය ජනාධිපති විදුහල), දක්ෂතම ක්‍රීඩකයා:- නිරෝෂ් රුක්මාල් (එඞ්මන්ඞ් පීරිස් විදුහල)

 

(වයස 13 න් පහළ - බාලිකා)
* උහන තිස්සපුර විදුහල විසින් ත්‍රිකුණාමලය රාජකීය ජාතික පාසල වට 2/0 කින් පරාජය කරන ලදී. (21/10 - 21/13)
* විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- සමාරා නිෂාදි (තිස්සපුර විදුහල), දක්ෂතම ප්‍රහාරිකාව:- තරුෂිකා ධනංජනී (තිස්සපුර විදුහල), දක්ෂතම ක්‍රීඩිකාව:- ලෝචනී ලක්ෂ්මිකා (තිස්සපුර විදුහල)
* තෙවැනි ස්ථානය:- මහඋස්වැව ශ්‍රී රතනපාල මහ විදුහල

 

(වයස 15 න් පහළ - බාලිකා)
* අම්පාර උහන තිස්සපුර විදුහල විසින් කිරිඳිවැල සංඝමිත්තා විදුහල වට 3/0 කින් පරාජය කරන ලදී (25/16, 25/09, 25/19)
*තෙවැනි ස්ථානය:-
*විශේෂ සම්මාන:- දක්ෂතම පන්දු ඔසවන්නිය:- කාවින්ද්‍යා මධුෂානි (තිස්සපුර විදුහල), දක්ෂතම ප්‍රහාරිකාව සත්‍යා සෙව්වන්දි (තිස්සපුර විදුහල), දක්ෂතම ක්‍රීඩිකාව:- චතුරි ජීවන්තිකා (තිස්සපුර විදුහල)
 * තෙවැනි ස්ථානය:- බෝපිටිය මහ විදුහල.

 

(වයස 15න් පහළ - බාලක)
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින් මාරවිල ශාන්ත සේවියර් විදුහල වට 3/2කින් පරාජය කරන ලදී. (17/25, 25/18, 27/29, 25/16, 16/14)
තෙවැනි ස්ථානය - හංවැල්ල රාජසිංහ මැදි විදුහල.
විශේෂ සම්මාන - දක්ෂතම පන්දු ඔසවන්නා - රිසාන් සෙනුර (ජෝශප් වාස්)
දක්ෂතම ප්‍රහාරකයා - සමිත් මධුෂාන් ප්‍රනාන්දු (සේවියර්)
දක්ෂතම ක්‍රීඩකයා - නඳුන් විදුසර (ජෝශප් වාස්)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

තිස්සපුර විදුහලට ශූරතා 3ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.