Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාතික සංචිතයේ තේරීම් 5-6

ජාතික සංචිතයේ තේරීම් 5-6

editorial - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග ලබන පෙබරවාරි 5 සහ 6 යන දිනවල පෙරවරු 8.30 සිට කොළඹ සුගතදාස එළිමහන් පිටියේ ස්ථාපිත කෘත්‍රිම වෙරළ වොලිබෝල් පිටියේ දී පැවැත්වේ.

මෙම වසරට නියමිත ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් තරගමාලා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් මෙම පුහුණු සංචිත මගින් තෝරා ගැනීමට නියමිතය.

පෙබරවාරි 5 දා පෙරවරු 8.30 පිරිමි තේරීම් තරග පැවැත්වේ. වයස 25න් පහළ හා 25න් ඉහළ පරිදි කාණ්ඩ දෙකකින් එහිදී තේරීම සිදු කෙරේ. විවෘත කාන්තා තේරීම් පෙබරවාරි 6 වැනිදා පෙරවරු 8.30ට  පැවැත්වේ. එහි තේරීම්ද වයස 25න් පහළ හා 25න් ඉහළ පරිදි කාණ්ඩ දෙකකින් සිදු කෙරේ.

1996 ජනවාරි 1 දින හෝ එදිනට පසුව උපන් අයට වයස 25න් පහළ සංචිත තේරීම සඳහා සහභාගි විය හැකිය.

   

 


අදහස් (0)

ජාතික සංචිතයේ තේරීම් 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.