Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ 3-0 කින් පරදිති

ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ 3-0 කින් පරදිති

නාමල් පතිරගේ - 2019 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ ටියෑන්ජින් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු අන්තර් සමාජ වොලිබෝල් (කාන්තා) ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ගුවන් හමුදා කණ්ඩායම අද (30) උතුරු කොරියානු ‘ඒප්‍රියල් - 25’ ක්‍රීඩා සමාජ කණ්ඩායමට වට 3-0 කින් පරාජයට පත් විය. එහිදී පහසු ජයක් වාර්තා කළ උතුරු කොරියානු ක්‍රීඩිකාවෝ ලකුණු 25/08, 25/16 හා 25/18 ක් පරිදි තරගය අවසන් කළහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ අද (01) තරගාවලියේ මූලික වටයේ සිය අවසන් තරගයට සහභාගි වන්නේ වියට්නාමය නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටින ඩින් යෑන් ලොන්ග් ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිවය.

කෙසේ වුවත් ඊයේ තරග පරාජයත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය. ඒ අනුව ඊට සහභාගි වී සිටින කණ්ඩායම් 10න් තුර්ක්මෙනිස්තාන ‘බිනාගර්’ කණ්ඩායමටද අර්ධ අවසන් වටයේ අපේක්‍ෂා අත්හැර ගැනීමට සිදුවිය.

තරගාවලියේ මූලික වටය පැවැත්වීමේදී “ඒ” කොටසින් කණ්ඩායම් හතරක් හා “බී” කොටසේ කණ්ඩායම් හයක් තරග වැදුණි. එහිදී ඒ කොටසේ කණ්ඩායම් හතරක් හා බී කොටසේ කණ්ඩායම් හයෙන් හතරක්ද අනිද්දා (03) පැවැත්වෙන අර්ධ අවසන්පූර්ව වටයට ප්‍රවේශවීමට සමත් විය.

“බී” කාණ්ඩයේ අවම ප්‍රසාද ලකුණු වාර්තා කළ තුර්ක්මෙනිස්තාන “බිනාගර්” හා ශ්‍රී ලංකා ගුවන් හමුදා යන කණ්ඩායම් එසේ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමේදී එම දෙපිල නව වැනි ස්ථානය සඳහා ලබන සෙනසුරාදා (04) යළි මුණගැසේ. මූලික වටයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ තුර්ක්මෙනිස්තාන බිනාගර් කණ්ඩායම පරාජයට පත් කළේ වට 3-0 කටය.

මෙම තරගාවලියේ මෙතෙක් පැවති තියුණුම තරගය වාර්තා වූයේ තායිලන්ත “ජෙනරලි” සුප්‍රිම් කණ්ඩායමට එරෙහිව උතුරු කොරියානු 'ඒප්‍රියල් - 25' කණ්ඩායම වට 3/2 කට වාර්තා කළ ජයයි. එහි වට පහේම එකතුව අනුව උතුරු කොරියානු ක්‍රීඩිකාවෝ තරගය ජය ගත්තේ (107-106) එක ලකුණකිනි.

අවසන් පූර්ව තරග ලබන සෙනසුරාදාත් (04) අවසන් මහ තරගය හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය ලබන ඉරිදාත් (05) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ 3-0 කින් පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.