Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කී‍්‍රඩාවේ උන්නතියට මිලියන 1000 ක්

කී‍්‍රඩාවේ උන්නතියට මිලියන 1000 ක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක් වෙන්කළ යුතු යයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20 වැනිදා) කළ 2015 අයවැය යෝජනාවලියේදී කියා සිටියේය.

ජාත්‍යන්තර කී‍්‍රඩා තරගවලදී ශී‍්‍ර ලංකාවේ දක්ෂතා ක‍්‍රමානුකූලව හීනවෙමින් පවතින බවත් අද වන විට කී‍්‍රඩා සංගම් සහ ආයතනවලට දේශපාලනය ඇතුළුවීම නිසා එම ආයතන අකර්මන්‍ය බවට පත්ව තිබෙන බවත් මුදල් ඇමතිවරයා සිය අයවැය යෝජනාවලියේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත්  රටේ කී‍්‍රඩාවේ උන්නතියට බාධා පමුණුවන මෙම ක‍්‍රමය වෙනස් කිරීමට රජය ඇපකැප වී සිටින බවද මුදල් ඇමතිවරයා පැවසීය.

”අපේ රට කුඩා රටක් වුවත් කී‍්‍රඩාවෙන් විශිෂ්ඨ දක්ෂතා තිබෙන තරුණ තරුණියන් අපට ඉන්නවා. එහෙත් අවාසනාවකට වගේ තරුණ වයසේ දක්ෂතා ඇති තරුණ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හඳුනාගැනීමේ විධිමත් ක‍්‍රමවේදයක් අපට නැහැ.”

”ඒ නිසා අප විසින් වැඩිදියුණු කළ යුතු දක්ෂතා හඳුනාගැනීමට හා සොයාබැලීමට ක‍්‍රමයක් හඳුන්වා දිය යුතුව තිබෙනවා” යයි පැවසූ මුදල් ඇමතිවරයා...

”ජාතික ජවන හා පිටිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් දරණ සම්පූර්ණ වියදම සහ තෝරාගත් කී‍්‍රඩා කිහිපයක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණු කරුවන් විසින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේදී දරන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමට මා යෝජනා කරනවා” යයිද පැවසීය.

නොදියුණු ප‍්‍රදේශවල කී‍්‍රඩා උපදේශන කටයුතු ඇතුළත්ව පුහුණුවීම් පහසුකම් ආරම්භ කිරීම සඳහා පෞද්ගලික අංශය උනන්දු කරවන බවත් ඒ සඳහා සහනදායී ණය පහසුකම් හා ඉඩම් ලබා ගැනීමටත්  මුදල් වෙන්කිරීමට ඇමතිවරයා යෝජනා කළේය.

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම සඳහා විදේශීය පුහුණුකරුවන් මගින් අපගේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට විදේශ රාජ්‍යයන් සමග සාකච්ඡුා කිරීමටද යෝජනා කළ මුදල් ඇමතිවරයා, ඉහත කරුණු ඉටුකරලීම සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට සුදානම් බවද සිය අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.


●●●


අදහස් (0)

කී‍්‍රඩාවේ උන්නතියට මිලියන 1000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.